(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් 11 දෙනකු ඇතුළු නගර සභා සිමාවේ 32 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය කාර්යාලය කියයි.
හැටන් දික්ඔය නගර සභාවේ අසාදිතයන් පාලන අංශයේ සහ සේවක අංශයේ අය බවත්, හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනකු , හැටන් නගරයේ සහ දික්ඔය නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛා දෙකක සේවකයන් 09 දෙනකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත්, එම බැංකු ශාඛා දෙක තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.