IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හජ් වන්දනා ප්‍රමාද කරන්නැයි සෞදි අරාබිය ඉල්ලයි

කොරෝනා වෛරස වසංගතය පැතිරීම හේතුවෙන් වන්දනා ගමන් ප්‍රමාද කරන ලෙස හජ් වන්දනාවට සහභාගී වීමට සැලසුම් කරන මුස්ලිම්වරුන්ගෙන් සෞදි අරාබිය ඉල්ලා තිබේ.
 
හජ් අමාත්‍ය මොහොමඩ් බැන්ටෙන් කියා සිටියේ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රාජධානිය සැලකිලිමත් වන බැවින් කොන්ත්‍රාත්තු අවසන් නොකර  බලා සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
 
හජ් වාර්ෂික මංගල්‍යය සඳහා මිලියන දෙකක පමණ ජනතාවක් එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවල මක්කම සහ මෙදිනා වෙත පැමිණීමට නියමිතව තිබිණි. 

හැකියාව ඇති මුස්ලිම්වරු ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනා කළ යුතු බව ඔවුන්ගේ ආගමේ මතයයි.
 
කොරෝනා වෛරසය පැතිරීම අඩු කිරීමට ගන්නා පියවරක් ලෙස සාපේක්ෂව අඩු පිරිසක් සහභාගී වන උම්රා වන්දනාව දැනටමත් අත්හිටුවා ඇත.
 
මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 1,563 කට ආසාදනය වී රට තුළ ජීවිත 10ක් බිලිගත් කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමට සවුදි බලධාරීන් උත්සාහ කරන බැවින් මක්කම සහ මෙදිනා මෙන්ම රියාද් අගනුවරට ද ජනතාව ඇතුළු වීම  වළක්වා ඇත.
 
“ඕනෑම තත්වයක් යටතේ මක්කමට එන  බැතිමතුන්ට සහ උම්රා වන්දනාකරුවන්ට සේවය කිරීමට සෞදි අරාබිය සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින නමුත් වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය යටතේ, අප අපව බේරා ගන්නා ලෙස දෙවියන්ගෙන් ඉල්ලා ඇති  අවස්ථාවක, මුස්ලිම්වරුන්ගේ සහ පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම රාජධානියේ වගකීමයි.
 
 එබැවින් අපි සෑම රටකම සිටින අපගේ සහෝදර මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ තත්ත්වය සමනය වනතුරු සංචාරක ගිවිසුම් අවසන් නොකර බලා සිටින ලෙසයි" යැයි බැන්ටෙන් මහතා රාජ්‍ය රූපවාහිනියට පැවසීය. 
 
මෙම තහනම පැනවීමට පෙර උම්රා වන්දනාවේ යෙදී සිටි පුද්ගලයින්ට නවාතැන් ගැනීම සඳහා භාවිතා කළ හෝටල් සියල්ල හජ් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි පුද්ගලයන්ට ස්වයං හුදකලා වීමට නියෝග කර ඇත.  

මේ වන විට උම්රා වන්දනාවට වීසා මිලදී ගෙන භාවිතා කළ නොහැකිවූ පුද්ගලයින්ට මුදල් ආපසු ගෙවන බව ද අමාත්‍යවරයා පැවසීය.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (6)

හජ් වන්දනා ප්‍රමාද කරන්නැයි සෞදි අරාබිය ඉල්ලයි

de silva Wednesday, 01 April 2020 01:12 PM

ජාතිය ආගම නොසලකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට දෙස් විදෙස් වන්දනා ගමන් නැවත දැනුම් දෙනතුරු තහනම් කරන්න...

:       9       80

nimesh Wednesday, 01 April 2020 01:26 PM

පාකිස්තානේ හජ් වන්දනා කරුවන් කිහිප දෙනෙකු නිසා 28 ව සිටි කොරෝන රෝගීන් ගණන එක සතියකින් 1000 වුනා ...

:       14       52

Nuwan Wednesday, 01 April 2020 02:25 PM

දෙවියෝ වදින්න කලින් තමුන්ගේ ජීවිතේ නෙමේ මුස්ලිම් නොවෙන අයගේ ජීවිත ගැන පොඩ්ඩක් හිතන්න හොදේ!

:       0       3

රජින්ද Wednesday, 01 April 2020 03:04 PM

අරාබියේ කළු තෙල් වල හයියෙන් ලංකාව විනාශ කරන්න ඉන්න බැතිමතුන් යයි හුවා දක්වන මුග්ධයින්ට ඉඩ නොදී සිටිය යුතුය.

:       0       3

vipula Wednesday, 01 April 2020 03:32 PM

මේවා ප්‍රමාද කරලා දෙවියෝ කෝප වෙයි...

:       0       1

jayath Wednesday, 01 April 2020 04:04 PM

මේ රට බේරගන්න නම් එක්කෝ මොවුන්ට යන්න දෙන්න එපා.... නැත්නම් ගියෝතින් එන්න දෙන්න එපා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site