කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගිය බව උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2755කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 134 දක්වා පහළ බැස තිබේ.
සුවය ලබා අද පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලේ 7 දෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 72දෙනෙක්ද වෙති.
අද උදෑසන වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් යැයි සැකසහිත රෝගීන් ගණන 74ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 2900ක් වන අතර, 11දෙනෙකු මියගොසිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සුවය ලැබූ 79ක් පිටව යති-රෝගීන් සංඛ්‍යාව 134ට බසී