(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ දී ස්වයං නිරෝධායනයට යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින් ඇඳිරිනීතිය නොතකා තවත් දෙදෙනකු සමඟ ලොරියකින් ගමන් කරමින් සිටියදී අද (12) රාත්‍රී බෙරගල නගරයේදී අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
හපුතලේ ප්‍රදේශයේ දෙදෙනෙකු හා බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුට ගත් තිදෙනා දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බවද පොලිසිය කියයි.
යුද හමුදාව අධීක්ෂණය යටතේ මෙම තිදෙනා කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතන නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනය වීමට නියමිත බව ද පොලිසිය කියයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ස්වයං නිරෝධායනය කඩකළ 3 ක් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට
lalithm Sunday, 12 April 2020 07:05 PM
ලුනුයි බතුයි එක්ක දවස් 14ක් ගතකරන්න දෙන්න ඕනේ හිර කුඩුවක.... මෙහෙමත් පිශාචයෝ. මිනී මස් රස බලන්න ඕනේ වෙච්ච මිනිස්සු...
සනත් ඉතාලිය Sunday, 12 April 2020 07:36 PM
දාන්න ඕනෙ කොරෝනා ලෙඩ්ඩු ඉන්න වාට්ටු ශුද්ද පවිත්‍රකරන්න මාස්ක් ග්ලවුස් නැතුව...