IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


සේවය අවසන් කිරීමේ අයැදුම්පත් බාර නොගන්න‘යි කම්කරු කොමසාරිස්ට උපදෙස්

(විනීතා එම් ගමගේ)

පෞද්ගලික ආයතන හා කම්හල්වල සේවය අවසන් කිරීමේ අයදුම්පත් ජූලි මාසය දක්වා භාර නොගන්නැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු කොමසාරිස්වරයාට අද (11) උපදෙස් දුන්නේය.

ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී අද (11) රැස්වූ අවස්ථාවේ ඇතිකරගත් එකඟතා අනුව අමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන් බව කම්කරු අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ නිලධාරින්, වෘත්තිය සමිති නියෝජිතයන් මෙන්ම හාම්පුතුන් ගේ සංගම්වල නියෝජිතයින් ගේද සහභාගිත්වයෙන් පැවැති එම රැස්වීමේ දී සේවක රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් එකඟතා කිහිපයකට එළැඹි බව ද හෙතෙම කියා සිටියේය.
මැයි හා ජුනි මාස දෙක සඳහා වැටුප් ගෙවීමේ දී ආයතනයේ උවමනාව මත සේවයට නොකැඳවූ සේවකයන්ට මූලික වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 යන දෙකින් වැඩි අගය ගෙවීමටත් එහි දී එකඟ වී යැයි ද ඔහු කියා සිටියේය.

සේවකයන් සේවයට ගෙන්වා ගැනීමේදී නිරෝධායන අනුව සේවකයන් වැඩට ගෙන්වා ගැනීමටත් සියලු සේවකයන්ට වැඩ ලැබෙන පරිදි ඔවුන් ගෙන්වා ගැනීමටත් හාම්පුතුන් එහි දී එකඟ වී යැයි කී එම නිලධාරියා සේවක වැටුප් ගෙවීමේ දී මූල්‍ය අපහසුතා ඇත්නම් වාණිජ බැංකුවලින් 4 %  ක පොලිය මත ණය ලබා ගැනීමට හාම්පුතුන්ට අවස්ථාව ලබා දී ඇති බව ද එහි දී අමාත්‍යවරයා පැවැසී යැයි ද කීය.



අදහස් (18)

සේවය අවසන් කිරීමේ අයැදුම්පත් බාර නොගන්න‘යි කම්කරු කොමසාරිස්ට උපදෙස්

maal Monday, 11 May 2020 03:54 PM

චන්දය ඉවර වෙනකල් කෙලගන්නවා වගේ තමයි පෙනෙන්නේ...

:       15       426

KKMonday, 11 May 2020 08:18 PM

ඉක්මනින්ම ඡන්දය තිබ්බොත් මේ කට්ටිය ගෙදරම තමා. මේ කොරෝනා වෛරසය තියෙන වෙලාවේ ඡන්දයට යන්න මිනිස්සු කැමැත්තක් නැත. ඡන්දය තිබ්බත් ජනතාව එය වර්ජනය කරනු ඇත. තව වසරක් වත් මේ ආකාරයට දුවන්න තමා වෙන්නේ.

:       0       0

SamsamTuesday, 12 May 2020 05:22 AM

චන්දෙට බයේ දගලන අය දන්නවා චන්දෙන් කෙළවෙන බව. ඒකට ඇච්චෝ බැච්චෝ දාලා කියවනවා.

:       326       7

සෙනෙවිරත්න Monday, 11 May 2020 05:19 PM

ජුලි වෙනකන් අදින්න කියන්නෙ ඊට කලින් චන්දෙ තිියාගන්න හැකිවේද දිනේෂ් ඇමතිතුමා?

:       2       244

suduMonday, 11 May 2020 06:41 PM

මේ ගොල්ලෝ ජුලිවලට කලින් කොහොම හරි චන්දය තියන්න හදන්නේ... සුමනගේ අනාවැකියකට බයවෙලා..

:       0       330

Max Monday, 11 May 2020 06:40 PM

බයිලා එපා... පරම්පරාවට අපහාස කරන කෙනෙක්...

:       15       221

RamaniMonday, 11 May 2020 11:20 PM

එහෙනම් 80 ජූලි මාසයේ කළා වගේ අස්කරන්නද කියන්නේ?

:       0       0

karu Monday, 11 May 2020 07:25 PM

සීයේ... රටට කරපු දෙයකුත් නෑනේ... දෙවියන්ගේ නාමයෙන් රටේ මිනිස්සුන්ගේ මුදල් කාබාසිනියා නොකර ගෙදර යන්න. නෝනත් එක්ක. මේ ගෙදර මැරෙන්න ඉන්න ඔබලා දියවන්නාවේද මැරෙන්න හදන්නේ...? නැත්නම් මහපාරේද..?

:       0       0

Perera Monday, 11 May 2020 07:56 PM

ඡන්දෙ ඉවරවෙනකම් පොඩ්ඩක් ඉන්න ජුලි වලින් පස්සේ සේවකයින්ව ඕන දෙයක් කරගන්න.

:       0       0

dhammika perera Monday, 11 May 2020 11:35 PM

"අර්බුදයක් ඇතිකර බලයට පත්වන්නෝ අර්බුදයක් මගින්ම විනාශ වී යයි" කියලා නෙල්සන් මැන්ඩෙලා කියල තියෙනවනේ... දැන් විනාශ වෙන කාලේ ඇවිත් තියෙන්නේ... බයිලා කියන්නේ ලොක්කෝ සෙට් එක. අර වීරකැටියේ ඇඟලුම් කම්හලේ අයිතිකාරයා කියනවා බැංකු ණය දෙන්නේ නෑ කියල පඩි ගෙවන්න. කම්කරු ඇමතිතුමා කම්කරු අමාත්‍යාංශයේ ඉඳන් ණයදෙනවා, බයිලා කියනවා. හතර වටේ ගාගෙන රටම වලට ඇදගෙන යනවා.

:       0       0

romesh Tuesday, 12 May 2020 02:26 AM

මෙයා කියන දේවල් මේ රටේ නම් වෙන්නේ නැහැ... හාම්පුතුන්ට බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ.., ඔය කියන 4% පොලිය ඇපයක් නැතුව දෙන්නේ නැහැ. මම ගනුදෙනු කරන්නේ නුගේගොඩ ලංකා බැංකුව එක්ක... එ්කේ ඉන්න කළමනාකරුගෙන් ණයක් ඉල්ලුවාම කියන නීතිරීති ඇහුවා නම් මෙතුමා ඇමති කමේ ඉන්නෙත් නැහැ. තමන්ගේ තනතුර උසස්වීම් බලාගෙන විතරක් වැඩ කරන බැංකු කළමනාකරුවෝ ඉන්න කම් ඔය කියන දේවල් එකක්වත් වෙන්නේ නැහැ.

:       0       0

de silva Tuesday, 12 May 2020 04:08 AM

ආදායම් නැතිව වහලා තිබෙන ආයතනවල සේවකයින්ට වැටුප් ගෙවන්න ණය දුන්නට ආයතන හිමියෝ ඒවා නැවත පොලිත් එක්ක ගෙවන්න ඕනෑනේ? මෙහෙම කලොත් කොරෝනා උවදුර පහවුණත් මාස කිහිපයක් ගත වෙනවිට ආයතන බංකොලොත් වෙලා, වහලා දමන තත්වයට පත්වේවි.., විශාල රැකියා ප්‍රමාණයක් ලංකාවට අහිමි වේවි, ඉදිරියේදී දෙස් විදෙස් ආයෝජකයන් ලංකාවේ කවුරුවත් මුදල් ආයෝජනය කරලා ව්‍යාපාර අලුතෙන් අාරම්භ කරන එකක් නැහැ.. හොඳම විසඳුම අර සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000ක් දුන්නා වගේ මේ සේවකයින්ට වැටුපෙන් කොටසක් රජයෙන් ගෙවන එක..., මේ අවස්ථාවේ ඡන්ද තියන එක ආණ්ඩුවට පාඩුවකි...

:       0       0

දෙනෙත් Tuesday, 12 May 2020 04:38 AM

බණ්ඩාරගම එක් ආයතනයක පිරිසිදු කිරීමේ සේවයේ හිටපු ඔක්කොම අයව අස්කරලා. ඒ මිනිස්සු දුරකථන ඇමතුම් ගත්තාම පස්සේ ගන්න කියකිය මග අරිනවලු ආයතනයෙන්... ඔක්කොම වගේ අය ඒ ආයතනයේ අවුරුදු 5 කටත් වඩා වැඩකරපු අයයි..

:       0       0

විජේරත්න Tuesday, 12 May 2020 05:48 AM

බොරඑගොඩ සිංහයෝ දැන් බලුවී අවසන්ය.

:       0       130

de silva Tuesday, 12 May 2020 06:00 AM

ඔක්කොම කරදර සාමාන්‍ය ජනතාවට. නමුත් කොරෝනා දුරස්ථභාවය සහ උපදේශ රකින්නේ නැතුව කොරෝනා හැදිලා ප්‍රතිකාර ගන්න පිරිසගෙන් වැඩි ප්‍රමාණයක් දැන් ආරක්ෂක අංශ වල සාමාජිකයෝ. මේ විඳින කරදර දුක්ගැහැට අමතක වෙන්න මිනිසුන්න්ට අවම වශයෙන් මාස 3 වත් යනවා .ජුලි වලට කලින් චන්දේ තිබුනොත් මේ ගොල්ල අනිවාර්යයෙන් පරාද වෙනවා. ගෝඨාභය මහත්මයට ලැබුන චන්ද ප්‍රතිඵලයෙන් 40 % ක් වත් මේ පොහොට්ටු ලිස්ට් එකේ ඉන්න මෙවැනි පරණ ඔලු ගෙඩි වලට ලැබෙන්නේ නැති බව සිහිතබාගන්න.

:       0       189

banda Tuesday, 12 May 2020 07:16 AM

මෙයා තාම ඉන්නවද ?

:       0       27

සෑම් Tuesday, 12 May 2020 07:45 AM

මේ පාර චන්දෙ ඉල්ලගෙන ආවොත් ගස් බඳිනවා අනිවාර්යෙන්ම.

:       0       174

lalithm Thursday, 14 May 2020 04:57 PM

නය දීල පඩි ගෙවල ඊට පස්සේ ඒවා අයකරන්නේ අයිතිකරුවන්ගේ හෝ ආයතන වල දේපොළ විකුනලද? ලොක්කගේ ටිකිරි මොලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 654 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site