IMG-LOGO

’සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි’

ඉන්දිකා රාමනායක

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්   වෙනුවෙන්  හෙට (2) අනිද්දා (3) හා  සදුදා (6) යන දින තුන තුළ දිවයිනේ සියලූ  ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී  ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පවසයි.

මෙම දින තුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට   විශ‍්‍රාම වැටුප් ලබා දෙන  දින බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ  මිළදී ගැනීම සදහා  රජය මෙම පියවර ගෙන ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.

මෙම දින තුළ  එම පිරිසට ඔවුන්ගේ  විශ‍්‍රාම හැදුනුම්පත ඇදිරීති බලපත‍්‍රයක් වශයෙන්   සලකා එම කටයුතු සදහා සහය ලබා දෙන ලෙසට  සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම  වෙනුවෙන් අවශ්‍ය  ප‍්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (3)

’සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි’

jayath Wednesday, 01 April 2020 03:57 PM

මේක ඉතාම නැණවත් වැඩක් හැබැයි ඒ වගේම කාශ්‍යප බුදුන්ගේ කාලේ නිකුත් කරපු බෙහෙත් තුන්ඩු අරගෙන නගරේ රස්තියාදු ගහන මොටසයිකල්කාරයන්ව කෙලින්ම ඇතුලට දමන්න ඕන....

:       0       2

lalithm Wednesday, 01 April 2020 06:09 PM

හැමෝම ඕව විවෘත්ත කරන්න කියා නීති දමනවා. බැංකු, ඔසුසල්, තැපැල් කාර්යාල... මේවයේ වැඩ කරන මිනිසුන්ගේ ප්‍රවාහන පහසුව, ඇඳිරි නීති බලපත් ඔවුන් විසින් සකසා ගත යුතුයි නේද? ලොක්කෝ නියෝග දෙති. සොක්කෝ තැලෙති. විශේෂයෙන්ම මේවයේ වැඩ කරන බහුතරයක් කාන්තාවන්. හැමෝටම කාර්, මෝටර් සයිකල් නැහැ. තිබුනත් හැමෝටම පදින්න රිය පදවන්න බැහැ. පුළුවන් වුනත් මේ දිනවල අනතුරක් ආබාධයක් වුනොත් කාගෙ පිහිටද? හුලන් ටිකක් ගහගන්න තැනක් වත් නැහැ. කරුණාකර සේවකයින්ට ප්‍රවාහන පහසුකම් දෙන්න. විශ්‍රාමිකයින්ට වඩා සේවකයින් අසරණයි ඒ පැත්තෙන්. වෘත්තීය සමිතිත් ලොක්කන්ගේ නියෝග වලට පන්දම් අල්ලනවා විනා සේවකයින් ගැන බලන්නේ නැහැ.

:       1       1

Gunda Thursday, 02 April 2020 01:27 AM

ජ්‍යෙෂ්ට පුරවෙසියෝ කියන්නේ රජයේ සේවෙයේ සිට විශ්‍රාම ගිය අය විතරද? පෞද්ගලික අංශයේ විශ්‍රාම ගිය උදවිය මොකක් පෙන්නලද ඔසු සලට යන්නේ. මේ නීතිය දාපු අයට මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට තරම් ප්‍රඥාව පහල වේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site