කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර රට වසා දැමීමට ස්පාඤ්ඤ රජය ගත් ක්‍රියාමාර්ගය තවත් දින 15 කින් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව හදිසි තත්ත්වය අප්‍රේල් මස 26 වනදා දක්වා දීර්ඝ කිරීම සඳහා අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් විසින් එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද සඳහන් වේ.
කොවිඩ් 19 වයිරසයේ ප්‍රබල බලපෑමට ලක්වූ රටක් වන ස්පාඤ්ඤය ලොව ආසාදිතයින් වැඩිම රටවල් අතර දෙවන ස්ථානයට මේ වන විට පත්ව සිටින අතර ඒ අනුව එරටින් ආසාදිතයින් එක් ලක්ෂ 26,168 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 11,947 කි.
රට වසා දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් වෛරස ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට හැකි වූ බවයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ගාඩියන් ඇසුරෙනි
125
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ස්පාඤ්ඤය තවත් දින 15 වසා දමයි