(තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියයි.
මෙම ලාංකිකයින් පිරිස ස්වයං නිරෝධනයට නිරත වනවා හැරෙන්නට මොවුන් කොරෝනා ආසාදිතයින් ලෙසට එරට කිසිඳු රෝහලකින් නිසි වෛද්‍ය වාර්තා නිකුත් කර නොමැති බව ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තහවුරු කර ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවුසවාය.
ඉතාලියේ රැදී සිටින ලාංකියින්ට අට දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය යැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.
ඉතාලියේ සිට ස්වයං නිරෝධානයේ නිරතවන ලාංකිකයින් 7 දෙනා එරට උතුරු පළාත් වන ලොම්බාර්ඩියා හි මිලාන් , එමිලි රොනින්ගා ප්‍රදේශයන් හි පදංචිකරුවන් යැයිද ඔවුන් සිය පවුලේ සමාජිකයින් ගෙන් ඈත්ව සිටින බවද ඇය වැඩිදුරටත් කීවාය.
මීට පෙර ඉතාලියේ දී කොරෝනා වයිරසය ආසාදනය වූ ලාංකිකයකු පිළිබඳ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කරුණු තහවුරු වූයේ ඉකුත් 03 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේදී, කොරෝනා අසාදනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් ගැන ඉතාලි රජය බලා ගනීවි. ඔය කියන සංඛ්‍යාවට වඩා අනිවාර්යයෙන්ම එය වැඩි අගයක් ගෙන ඇති. ඉතාලියේ පමණක් නොවේ, මේ වනවිට ප්‍රංශයේ , ජර්මනියේ එංගලන්තයේ ඇමරිකාව තුලත් ඕනෑතරම් ඇති. ඒවායින් අපිට ඇති වැඩේ කුමක්ද? තවම කවුරුත් මරණයට පත්වී නැහැනේ.
සමහරුන්ට පුදුම වයිරයක් තියෙන්නේ ඉතාලියත් එක්ක. සමහර විට යන්න ගිහින් බැරිවුණු අය වෙන්න ඇති..