(විනීතා එම් ගමගේ)
විෂබීජ නාශක අධිභාවිතය හා අනිසි භාවිතය මිනිස් සිරුරට අහිතකර විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
විෂබීජ නාශකවල අඩංගු කාබොලික් අම්ලය මිනිස් සිරුරට අහිතකර බවත් නිරන්තර ශරීරයේ තැවරීම හේතුවෙන් සම හරහා ශරීරගතවීමට ඉඩකඩ ඇති බවත් මේ නිසා අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බවත් ඔවුහු පවසති.
බිම පිරිසිදු කිරීම, භාජන පිරිසිදුකිරීම ආදිය සඳහා වන දියරවර්ග ද, විෂබීජ නාශක යැයි පැවැසෙන කාබොලික් අඩංගු සබන් වර්ග ද අනවශ්‍ය පරිදි නිතර නිතර භාවිතා කිරීමෙන් වැළකිය යුතු යැයි පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
එසේ කාබොලික් අම්ලය නිතර නිතර ශරීරයේ තැවරීම පිළිකා කාරක විය හැකි යැයි ද එයින් නිර්නාල ග්රන්ථීන් ඇතුළු අන්තරාසර්ග පද්ධතියට මෙන්ම ප්‍රජනක පද්ධතියට ද හානි සිදුවිය හැකි යැයි ද, කුඩා දරුවන්ගේ වර්ධනයට බලපෑම් සිදුවිය හැකි බව ද කී විතානගේ මහතා ඞී එන් ඒ වලට බලපෑම් පවා එයින් සිදුවිය හැකි යැයි කියා සිටියේය.
කාබොලික් අඩංගු පිරිසිදු කාරක භාවිතයේ දී මේ පිළිබ`ද සැළකිලිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු පිරිසිදු කිරීම් ස`දහා සාමාන්‍ය සබන් හෝ සබන් දියරයක් ප්‍රමාණවත් වන බව ද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් පසුගිය සතියේ විශේෂ නියෝගයක් පැනවුවා. ඒ තමයි තැන් තැන්වල, පාරවල් වැනි ස්ථානවල විෂ බිජ හරණය සඳහා කිසිම විෂබීජ නාශකයක් යොදා නොගන්නා ලෙස දැන්වීම.... ඇල්කොහොල් , ජලය හෝ උණු ජලය හැර කිසිම රසායනිකයක් තහනම්. හේතුව මෙයයි.. මේ රසායනික ද්‍රව්‍ය පොලොවට කාන්දු වී පස් හරහා හෙමින් හෙමින් ගංගාවන්ට ගොස් ජලය දුෂණය වීමයි. මෙවැනි ප්‍රශ්න වලින් ප්‍රංශය හොඳට බැට කාපු රටක්. එනිසා ඒගොල්ලෝ මේ පාර ප්‍රවේශම් වුනා. මම දැක්කා අපේ රටේ ටීවී වලින්... අපේ රටෙත් මහජනයා ගැවසෙන ස්ථානවල විෂ බිජනාශක වර්ග " ස්ප්‍රේ " කරන අය. ඇත්ත..මේ මාරක වයිරසය අප කෙසේ හෝ විනාශ කලයුතුමයි. ඒ වගේමයි අපි මේ ගැනත් ටිකක් හෝ හිතමු.. අපේ රටේ රසායනික ද්‍රව්‍ය යෙදීම, ප්‍රයෝජනයට ගැනීම, වැනි ක්‍රියාවන්' ප්‍රයෝගිකව' නියාමනය කිරීමට සුදුසු යාන්ත්‍රණයක් නොමැතිකමින් අපේ රටේ ලක්ෂ ගණනක වකුගඩු රෝගීන් බිහිවෙලා ..අද අපි කොරෝනා විනාශ කරන්න යොදන රසයනිකත් ක්‍රමයෙන් ගංගා ඇල දොළ වලට යනවාමයි. ඉතින් කොරෝනා ගිය පසු වකුගඩු රෝග තව තවත් වැඩිවන්නට තියෙන සම්භාවිතාව වැඩිවන බව මම කියන්න ඕනා නැහැ. අපිට හැකි හැම විටෙකම අපි අපේ පරිසරය රැකගමු. එතකොට පරිසරය අපව රැකගනිවී...
වේලාවෙන් ප්‍රයෝජන අරගෙන බොහොමයක් සමාගම් ඇත.. පිරිසිදු කරගැනීමේ ද්‍රව්‍ය ලබාදී තිබෙනවා. එය ඉතාම අගය කලයුතු වුණත් ඒ පිළිබඳව දෙන ප්‍රචාරය තරමක් දුර්වලයි. මේ වයිරසය බැක්ටීරියාවක් නොවෙයි. එය බැක්ටීරියා නසන විෂබීජ නාශකවලින් මැරෙන්නේ නැහැ. එයට විශේෂිත වූ රසායනික ද්‍රව්‍ය තිබෙනවා. නමුත් ඒවා සබන්වල සාමාන්‍යයෙන් අඩංගු වන්නේ නැහැ. එමෙන්ම තුවාලවලට යොදන වෙළඳපොලේ ඇති සාමාන්‍ය විෂබීජ නාශක දියර වලිනුත් මැරෙන්නේ නැහැ. නමුත් සබන්පෙණවල ක්‍රියාකාරීත්වය නිසා සමේ ඇලී තිබිය හැකි වයිරසය එයින් සෝදා යැවිය හැකියි. එය ඕනෑම සබන් වර්ගයකින් කල හැකියි. රෙදි සෝදන සබන් වලින් වුණත් කල හැකියි. එ් නිසයි අඩු තරමින් විනාඩි තුනක්වත් සබන් යොදා හොඳින් පෙන නගින තුරු අතුල්ලා සෝදන ලෙස වෙනත් දියුණු රටවල පවා උපදෙස් දෙන්නේ. එනිසා වෙළඳ ප්‍රචාර වලට හසුවී එක එක වෙළඳ සන්නාමයන් පසුපස හඹා යාමෙන් වලකින්න.
වල් බූරු පාලකයන් සහ උන් රකින නිලධාරිනුත් උන්ගේ අතවැසි වහල්ලුත් සිටින තාක්කල්, සුනාමි, කොරෝනා හෝ ඊට වැඩි දෙයක් උනත් ශ්‍රි ලංකාව පාඩමක් ඉගෙන ගන්නේම නැත.