
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි ජනතාවට විවෘත කෙරිණ.
ජනතාව එක්රැස්වීමේ අවදානම සැලකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර එක්දින සේවය තාවකාලිකව නවතා ඇති බවත් , සාමාන්‍ය සේවය සඳහා ද පැමිණෙන බලපත්‍ර ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් මගින් දිනයක් සහ නියමිත වෙලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (රියදුරු බලපත්‍ර ) කොමසාරිස් වසන්ත ගුණරත්න මහතා පැවසීය.
අපි දැනට සාමාන්‍ය සේවයත් ක්‍රියාත්මක කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ඉල්ලුම්කරුවන් සඳහා පමණයි.සෞඛ්‍ය නීතී රීති වලට සම්පුර්ණයෙන්ම අනුගතවෙමින් දිනකට සීමිත ඉල්ලුම්කරුවන් පිරිසකට සේවය සපයන බැවින්, අපහසුතාවයට පත්නොවී කරුණාකර නියමිත වෙලාවක් වෙන්කරගෙන සේවය ලබාගැනීමට පැමිණෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය පහව යෑමත් සමගම හැකි විගස එක්දින සේවය ඇතුළු සම්පුර්ණ සේවයම බලපත්‍ර ඉල්ලුම්කරුවන් ට ලබාදීමට අපි සුදානම් වෙලයි ඉන්නේ යැයි කොමසාරිස් ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව, විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354122 ද ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354123 ද නව රියදුරු බලපත්‍ර ලබාගැනීම ,බලපත්‍ර සංශෝධනය කිරීම හෝ බලපත්‍ර සම්බන්ද වෙනත් විමසීම් සඳහා 070-6354124 ද බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් සඳහා 070-6354125 ද වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විමසීමට 070-6354121 යන දුරකථන අංක භාවිතා කල හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්‍රය අලුත් කරන්න පුළුවන් නේද?
මට මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න අවශ්‍යයි. ඒක දැන් කරගන්න පුළුවන්ද? ස්තුතියි.
මේ ෆෝන් නම්බර් වැඩ කරන්නේ නෑනේ
අස්ථාන ගතවූ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වෙලාවක් වෙන්කරවා ගැනීමට දවස් කීපයක් උත්සාහ දැරිය ද තවම වෙලාවක් වෙන්කරවා ගැනීමට නොහැකි වූ බැවින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට උපකාරී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
රියදුරු බලපත්‍රය අළුත් කිරීම සඳහා අවශ්‍යයි
ෆෝන් නොම්බරේ වැඩ කරන්නේ නෑ.දැන් දවස් ගානක්ම උත්සාහ කලා. නිවැරදි ක්‍රම වේදයක් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි
මගේ රියැදුරු බලපත්‍රය අවේ නෑ.. මම අලුත් කලේ 2021.08.03 දිනයේ.. ඔබතුමලාගේ ටෙලිෆෝන් නම්බර් වැඩ නෑ. මේකට පිළිතුරක් එවන්න.!!!
මගේ රියදුරු බලපත්‍රය අප්‍රේල් අලුත් කෙරුවේ... තාම රියදුරු බලපත්‍රය ආවේ නෑ.. ටැම්පරිය ඉවරයි. මම දැන් මොකද කරන්න ඕනේ..?
රියදුරු බලපත්‍ර කාඩ්එක තවම ආවේ නෑ... මොකද කරන්න ඕනෑ?
රියදුරු බලපත්‍රය තවම ලැබී නැත...
මෙතෙක් මගේ රියදුරු අවසර පත් ලැබීනැත..
මේ නොම්බර වැඩ කරන්නේ නෑනේ...
මම රියදුරු බලපත්‍රය අලුත් කෙරුවේ පෙබරවාරි 02. තාම බලපත්‍රය ආවේ නෑ ..ඒක වෙනවද කෙරෙන තැන කොහෙද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද
මට නැති උන ලයිසන් එක ගන්න දිනයක් දාගන්න ඕනේ
ලයිසන් එක අලුත් කෙරුවා. තාමත් ලයිසන් එක ආවෙ නෑ
රියදුරු බලපත්‍රය තවම ලැබිලා නෑ
වසරක් ගතවී ඇත. රියදුරු බලපත්‍රය ලැබී නැත...
මගේ ලයිසන් ළුක 2022 03 29 දින භාර දුන්නා තාම නැ
මගේ ලයිසන් ළුක 2023 07 25 දින භාර දුන්නා .තාමත් ලයිසන් එක ආවෙ නෑ.
මගේ ලයිසන් කාඩ් එක තවම ලැබී නැත.වේරහැර ආවොත් ගන්න පුලුවන් ද