(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (9) දිනයේ දී වාර්තා විය.
මෙය වරකදී නිවේදනය කෙරුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,24,966 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතරින් ආසාදිතයන් 19,350 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,365 දෙනෙක් සුවය ලබා අද (9) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,23,234 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඇඳන් හදනවට වඩා පැතිරෙන එක පාලනය කලොත් නරකද?
පිටරටින් තව තවත් සංචාරකයින් සහ හම්බකරගන්න හෝටල්වලට නිරෝධායනයට කියල තව කට්ටිය ගෙන්න ගත්තම දවසකට මේ සංඛ්‍යාව 3000නුත් එහාට ගෙනියන්න පුලුවන්....