( පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාතේ මේවනවිට කොවිඩ් 19 ආසාධිතයන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව වයඹ පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා පැවසීය.
තවත් පුද්ගලයන් 72 කු වයඹ පළාත තුළ හඳුනාගෙන තිබීම හේතුවෙන් ඉදිරියේදී එම පිරිසෙන් තවත් ආසාධිතයින් විශාල පිරිසක් වාර්තා වීමේ අවදානමක් ඇතිවී තිබෙන බව ඔහු කීය.
ඒ මහතා මේ බව පැවසුවේ, අද කුරුණෑගලදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය.
මෙම ආසාධිතයන් හයෙන් සිවුදෙනෙකු වෙන්නප්පුවේද අනෙක් දෙදෙනා නාත්තන්ඩිය සහ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පැවසූ විශේෂඥ වෛද්‍ය පතිරාජ මහතා මොවුන් සහ වෙනත් ආසාධිතයන් ඇසුරු කළ පුද්ගලයන් 22 කු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද , පුද්ගලයන් 50 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් සඳහන් කළේය.
මෙම පුද්ගලයන් 72 දෙනාගේ දින 14 ක බීජෞෂණ සමය ගතවීමෙන් පසුව ඔවුන්ගෙන් තවත් ආසාධිතයන් 180 කට ආසන්න සංඛ්‍යාවක් බිහිවීමේ අවදානම් තත්ත්වයක්ද පවතින බැවින් ඉතා අවධානයකින් කටයුතු කළ යුතුව ඇති බවද පැවසීය.
මේවනවිට විදෙස්ගතව පැමිණි වයඹ පළාතේ පදිංචි පුද්ගලයන් 4042 දෙනෙකු නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට ලක් කර සිටින බවද සඳහන් කළ වෛද්‍ය පතිරාජ මහතා ඉන් පුද්ගලයන් 2033 දෙනෙකු දින 14 ක සම්පුර්ණ නිරෝධායන කාලය සම්පුර්ණ කර ඇති බවද දැනුමි දුන්නේය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වයඹ පළාතෙන් ආසාදිතයන් 6යි