( තිලකරත්න දිසානායක.)
කොළඹ මැනිං වෙළඳ පොල වසා දැමීමට පියවර ගැනීමත් සමග වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දෛනිකව පැය 24 පුරා විවෘතව තබමින් පාරිභෝගිකයින්ට සහන සැලසීමට පියවර ගෙන ඇත.
ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති අතර මෙහි කටයුතු සිදු කෙරෙන ආකාරය පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයෙහි නිලධාරීන් විසින් නිරීක්ෂණය කළහ.
මෙහිදී මැනිං වෙළඳ පොලට වඩා අඩු මිල ගණන් යටතේ විශේෂයෙන්ම එළවළු ඇතුළු ද්‍රව්‍ය සාමාන්‍ය වෙළඳුන්ට ලබාදීමේ හැකියාවක් පවතින බව පෙනීයන්නේ යැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
දඹුල්ල , නුවරඑළිය, බණ්ඩාරවෙල, පුත්තලම සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශයන්ගෙන් එළවළු, කෙසෙල් වැනි දෑ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන අතර ප්‍රදේශ ගණනාවකින් පැමිණෙන සාමාන්‍ය වෙළඳුන්ට තොග වශයෙන් අලෙවිය සිදු කෙරේ.
වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු විශ්‍රාමික මේජර් නලීන් කපුරුබණ්ඩාර , ඒකාබද්ධ වෙළඳ සංගමයේ ලේකම් රොෂාන් කුරේ , විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල සහ එච්.කේ.රවිදු යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි පැවති සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වූයේ එළවළු තොග මිල පහළ මට්ටමේ පැවතියද මේ වනවිට අධික මිල ගණන් යටතේ වෙළඳසල් සහ ජංගම රථ මගින් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමක් සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලමින් අඩුමිලට අලෙවි කිරීමට පියවර ගතයුතු බවය.
වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර නලීන් කපුරුබණ්ඩාර මහතා පැවසූ අන්දමට මෙහි අද එළවළු තොග කිලෝවක් අලෙවි කෙරෙන මිල ගණන් මෙසේය.
- කැරට් රුපියල් - 70 ,
- මාථ මිරිස් - 50 ,
- වම්බටු - 50 ,
- බෝංචි - 70 ,
- තක්කාලි - 30,
- අමුමිරිස් රුපියල් 50 - 100 අතර ,
- බණ්ඩක්කා - 35 ,
- වට්ටක්කා - 60 ,
- දෙහි - 400 ,
- බීට් - 30 ,
- කරවිල - 40 ,
- පිපිඤ්ඤා සහ කැකිරි - 20,
- මෑ කරල් - 60,
- වැටකොලු - 50 ,
- ගෝවා රුපියල් 45 - 60 අතර අලෙවිය සිදු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ ඉඹුල්ගොඩ- ගම්පහට 8Km දුරින් නුවර පාරෙන් 01Km ඇතුලට. මෙහෙට එන එළවලු ලොරි සමහර ඒවා රු. 300-400 පාර්සල් කරලා එනවා. ඔය කියන මිල වගේ නම් 300-400% ඉහළ මිලකට. එහෙත් ප්රශ්නය ඒවායේ තියෙන දේවල් කන්න බැහැ හැමදාම. . කැකිරි ,බටු තමා වැඩිම. අනික්වා අඩුවෙන්. බඩු වෙන වෙනම ගන්න ඉඩ දෙන ඒවා එන්නෙම නැති තරම්. බෙදා හැරීම තමයි ප්රශ්නය. නිෂ්පාදකයා කඩා වැටෙනවා.පාරිභෝගිකයා විඳවනවා. බඩු කුණුවෙලා විසි කරනවා. මහා අපරාධයක්. වෙළඳ මාෆියාවක් නොවෙයි ඔවුන්ගේ නොදැනුවත් භාවය?
දිනපතා පලතුරු මිල දර්ශකය පලකරන්න