(මහින්ද නිශ්ශංක)
ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 ක මුදලින් රුපියල් කෝටි 4800 ක් පියවීමට ඛණිජ තෙල් සංස්ථාව මගින් පියවර ගෙන ඇතැයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ අතර මෙතෙක් රුපියල් 95 කට විදුලි බල මණ්ඩලයට ලබාදුන් ඩීසල් ලීටරයක් රුපියල් 26 ක් අඩුවෙන් රුපියල් 70 කට ලබා දීමට ද ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මේ වන විට ලබා ඇති අධික ලාභය හේතුවෙන් මෙම ණය මුදල් පියවීම සහ ඉන්ධන මිල අඩුවෙන් ලබා දීමට සංස්ථාව පියවර ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංවීම තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ මුදලෙන් කෝටි 4800 ක් පියවයි
රවින් Sunday, 05 April 2020 11:35 AM
කවුරු කවුරුත් මේ කියමන දිනවකවානු සහිතව මතක තියාගන්න. ටික දවසක් යනකොට කෝටි 3200 ට වැඩිය ණය තිබෙන්න බැහැ නේද? (කෝටි 8000 - 4800 = 3200) . අපි බලාගෙන ඉඳිමු.
තරිඳු Sunday, 05 April 2020 01:14 PM
පැහැදිලි නැත ...
DhewaSunday, 05 April 2020 02:03 PM
ඌට මම ගැහුවා, මම ඌට ගැහුවා වගේ කතාවක් නේ ඒක.