IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොවපුරා ආහාර හිඟයක් ගැන බලධරයෝ අනතුරු අඟවති

බලධාරීන් කොරෝනා අර්බුදය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අසමත් වුවහොත් ලොවපුරා ‘‘ආහාර හිඟයක්’’ ඇතිවනු ඇතැයි ගෝලීය ආයතන තුනක ප්‍රධානීහු අද (01) අනතුරු ඇඟවූහ.

ලොව රටවල් රැසක් සම්පූර්ණයෙන් වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කර ඇති අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආහාර සැපයුම් දාම වේගයෙන් පහළ වැටී ඇත.
ජනතාව හදිසි බියට පත්ව ආහාර එක්රැස් කිරීම නිසා සුපිරි වෙළෙඳ සාප්පුවල රාක්ක මෙන්ම කුඩා කඩ සාප්පු ද හිස්ව ගොස් ඇත. රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග සහ ඇඳිරි නීතිය පැනවීම නිසා ලොව පුරා ජනතාව ආහාර ද්‍රව්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්රැස් කරගත්හ. මේ හේතුවෙන් සැපයුම් දාම දරුණු කඩාවැටීමකට ලක්ව ඇත.

‘‘ආහාර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ නිසා අපනයන සීමා වේවි. ඒ තුළින් ගෝලීය වෙළෙඳපොළේ දැඩි හිඟයක් ඇතිවෙන්න පුළුවන්’’ යැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක වෙළෙඳ සංවිධානය යන ගෝලීය ආයතන තුනේ ප්‍රධානීන්ගේ අත්සනින් නිකුත් කළ ඒකාබද්ධ ලිපියේ දැක්විණි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී චියු ඩොන්ග්යු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් සහ ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ රොබර්ටෝ අසිවිඩෝගේ අත්සන් යුතුව එම ලිපිය නිකුත් කර තිබිණි.

‘‘කොවිඩ්-19 ලොක්ඩවුන් නියෝග නිකුත් කරමින් රටවල් රැසක් එම රටවල් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. තවත් රටවල් රැසක් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. එසේ වුවත් වෙළෙඳා කටයුතුවලට නිදහසේ ගලායෑමට හැකිතාක් ඉඩදෙන්න ඕනෑ. ආහාර හිඟයක් ඇතිවීමේ අවදානම අඩු කරගන්න පුළුවන් එසේ කළොත් පමණක්’’ යැයි ද එම ලිපියේ සඳහන් විය.

‘‘සිය පුරවැසියන්ගේ සෞඛ්‍ය සහ සුබසාධනය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන අතරවාරයේදී වෙළෙඳාම සුරක්ෂිත කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලින් ආහාර සැපයුම් දාමයට බාධා එල්ල නොවීමට රටවල් වගබලාගන්න ඕනෑ’’ යැයි ද ඔවුහු සිය ලිපියේ සඳහන් කළහ.

දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි බවත් ඔවුහු සිය ලිපිය මඟින් පෙන්වා දුන්හ. එයින් වෙළෙඳපොළට ආහාර නොලැබී යනු ඇතැයි ද ඔවුහු කීහ.
ආහාර නිෂ්පාදනය, ආහාර සැකසීම හා බෙදාහැරීම යන ක්ෂේත්‍රවල රැකියාවේ නියුතු සේවකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් 
 

විය යුතු බවත් ඔවුන් පමණක් නොව ඔවුන්ට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එම ලිපියේ සඳහන් විය. ආහාර සැපයුම් දාම පවත්වාගෙන යා හැක්කේ එයින් පමණක් බවත් මේ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය බවත් එසේ නොමැතිව මෙය කළ නොහැකි බවත් එම ප්‍රධානීහු වැඩිදුරටත් පෙන්වාදුන්හ.
 
.එෆ්.පී.
ඡායාරූප - ඒ.එෆ්.පී./රොයිටර්
 
055



අදහස් (1)

ලොවපුරා ආහාර හිඟයක් ගැන බලධරයෝ අනතුරු අඟවති

kavindu Wednesday, 01 April 2020 02:43 PM

අපේ බන්දුල ගුණවර්ධන සර් යව්ව නම් හරි මේ ආයතන වලට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site