(ඩබ් . ඒ පියතිලක)
කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමුණු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය හෙට (14) සිට නැවත මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (13) දින එම කාර්යාලය විෂ බිජ හරණයට සිදු කරන අවස්ථාවේදිය.
ඒ මහතා මෙසේද කිය.
පසුගියදා මෙම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයන් කිපදෙනෙකු හමුවීමත් සමඟ මහජන ආරක්ෂාව වෙනුවෙන් කාර්යාලය සෞඛ්‍ය උපදෙස් මත දෛයිනික කටයුතු තාවකාලික නවතා දැමුවේය.
ඒ අනුව මෙම කාර්යාලයේ සියලුම නිළධාරින් පී.සී.ආර්. පරික්ෂණ සඳහා කිප අවස්ථාවක්ම යොමු කිරීමට කටයුතු කළේය.
කාර්යාලයට පැමිණිමට කිසිදු බියක් සැකයක් ඇති කර ගත යුතු නැහැ. තම සේවාවන් ඉටු කර ගැනිම සදහා සෞඛ්‍ය නීතිරිති අනුගමනය කර පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි වැඩිදුරටත් ලංකාපුර ප්‍රාදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පැවැසිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෙට සිට යළි විවෘතයි