(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 12දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇත. ඒ අනුව, පස්වරු 2.05 වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104ක් බව කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය පවසයි.
ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1979කි. ඊයේ දිනයේදී සුවය ලබා සිටි මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1967කි.
ඊයේ(08) වනවිට රෝහල් ගතවී සිටි මුළු රෝගීන් සංඛ්‍යාව 103කි.
ඉරානයේ සිට නෞකාවකින් ගාලු වරායට පැමිණි, නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය. එම රෝගියා කොළඹ අයි. ඩී. එච්. රෝහලට පිටත්කර යවා තිබේ.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලෙන් 5දෙනෙක්ද, කාන්තන්කුඩි රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ රෝහලෙන් 5දෙනෙක්ද, තෙල්දෙණිය රෝහලෙන් එක් අයෙක්ද වෙති.
සුවය ලබා පිටව ගිය එම පිරිස අතර විදේශියෝ නොවෙති.
ඒ අනුව, අද පස්වරු 4.15 වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2151ක් බව කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 104 වෙයි