IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රුසියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක්

රුසියාවේ මොස්කව් නගරයේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මොස්කව් නගරයේ වයඹ දිග පිහිටි මෙම රෝහලේ නේවාසික රෝගී කාමරයක ගින්න හටගෙන ඇතැයි බලධාරීහු පවසති.

වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයන් විසින් ගින්න මැඩපැවැත්වීම හේතුවෙන් හානිය අවම කර ගැනීමට හැකිවී තිබේ.

රෝහලේ සියලුම රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගත් බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසයි.

ගින්නට හේතුව පරීක්ෂා කිරීමට උපදෙස් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

රුසියාවේ මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 198 676කි.

රටපුරා සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 1 827කි.

රුසියාවේ කොරෝනා වයිරස කාර්ය සාධක බලකාය පවසන්නේ රුසියාව ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ලෝකයේ පස්වන තැනට පත්වී ඇති බවයි.

මෙම සතියේ රුසියාව ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ප්‍රංශය සහ ජර්මනිය ද ඉක්මවා ගියේ ය.

කෙසේ වුවද සමහර රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ සත්‍ය ආසාදිත රෝගීන් සංඛ්‍යාව නිල සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බවයි.

මොස්කව් හි අගුලු දැමීම මැයි 31 දක්වා දීර්ඝ කර ඇති බව නගරාධිපති සර්ජි සොබියානින් පවසයි.

මැයි 12 වනදා සිට සියලු මොස්කව් වැසියන් පොදු ස්ථාන වලදී මුඛ ආවරණ හා අත්වැසුම් පැළඳය යුතු බවට ද දැනුම් දී ඇත.

කොරෝනා වයිරසය සඳහා එන්නතක් නිපදවන තුරු හෝ වසංගතය අවසන් වන තුරු අගුලු දැමීම ක්‍රියාක්මක කිරීමට සිදුවනු ඇතැයි රුසියානු රජයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

රුසියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site