රුසියාවේ කොරෝනා ආසාදිතයින් ,ලක්ෂ හතර ඉක්මවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 405 843කි.
පසුගිය දිනය තුළ පමණක් ආසාදිතයින් 9 268ක් වාර්තා වී තිබේ.
පසුගිය පැය 24 තුළ සිදුවූ මරණ 138ත් සමග රුසියාවේ සිදුවී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 4 693ක් දක්වා ඉහල ගොස් ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් දරුණු ලෙස බලපෑමට ලක්වී ඇත්තේ මොස්කව් නගරයයි.
එසේ වුවද මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් නිවේදනය කර ඇත්තේ ජුනි 1 දා සිට නගරයේ අගුලු දැමීම් ඉවත් කරන බවයි.
සිල්ලර වෙළඳසැල් සහ සමහර සේවා අංශයේ ව්‍යාපාර නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු පවසයි.
ජනතාවට පිටත ඇවිදීම සඳහා කාලසටහනක් හඳුන්වා දෙන බවද නගරාධිපතිවරයා සඳහන් කර තිබේ.
බොහෝ උද්‍යාන ද නැවත විවෘත කෙරේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රුසියාවේ ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි