(ලසන්ත නිරෝෂණ පෙරේරා )
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට ගිය රත්නපුර නගර සීමාවේ පදිංචි පුද්ගලයෙකුට කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු ව්මෙන් පසු රත්නපුර මළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද (23 ) තීරණය කළේය .
රත්නපුර මහ නගර සභාවේ සෞඛය අංශය විසින් එම රෝගියා ගැවසු ස්ථාන විස බීජහරණයට ලක් කරන ලදි.
එම පුද්ගලයාගේ සමිපතමයින් 130 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඔවුන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කිරිමට පියවර ගනු ලැබිය . රත්නපුර ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් සෞඛය ආරක්ෂිත වැඩපිලිවෙලක් මේවන විටදී ආරම්භ කර ඇතැයි රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයෙන් රත්නපුරට මාළු රැගෙන එන පුද්ගලයෙකු කොරොනා ආසාදිත බවට ඊයේ (22 ) තහවුරු විය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය ඇමතිවරියගේයැයි කියන ආසනයේ ප්‍රධාන නගරයේ මාළු කඩත් වහල කියලයි ආරංචි