IMG-LOGO

රටවල් තුනක සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 222 ක් පැමිණෙති

(ටී.කේ.ජී.කපිල )

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ  අද(11) දහවල් 12.15 වනවිට   ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 

 අද (11)  දින අලුයම 1.23 ට කටාර් හි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ  ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 42 ක් ද , එරට එම ගුවන් තොටුපළේ සිට අද (11)  දින අලුයම 5.22  ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 218 දරණ ගුවන් යානයෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
 මීට අමතරව අද (11) දින දහවල් 11.45 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1506 දරණ ගුවන් යානයෙන් ද තවත් එක් ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
එමෙන්ම අද 11 දින දහවල් 12.15 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1102 දරණ  විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
මෙසේ පැමිණි සියලු ගුවන් මගීන් එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කෙරුණි .
 



අදහස් (2)

රටවල් තුනක සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 222 ක් පැමිණෙති

rama Tuesday, 11 August 2020 08:24 AM

ගුවන් යානා 2කින් මගීන් දෙන්නයි පුදුම සැලකීමක් තියෙන්නේ. සෞදි අරාබියේ දහස් ගණනක් ඉන්නවා. යන්න එක ගුවන් යානයක්වත් එවන්නේ නැහැ.

:       0       65

බද්රානි Wednesday, 12 August 2020 08:57 PM

රටවිරුවන් රැල ලංකාවට ඇවිත් කාට පව් දෙන්නද මේ හදන්නේ? ඉන්න තැනකට වෙලා දුක් විදගෙන හරි මේ වගේ අවස්ථාවක රට වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැරි නම්, ඔය "රට විරු" පට්ටම නමට පමණක් දරාගෙන ඉන්න එක ගැන ලජ්ජා වෙන්න ඕනෑ.. විදේශ ආක්‍රමණ හමුවේ නොසැලී සිටීමට විදේශ විනිමය මේ රටට අවශ්‍යයි. ඒ ගැන සිතා කටයුතු කරන්න රට විරුවාණෙනි...!!

:       0       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 150 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 439 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site