ඉකුත් සතියක කාලයේදී රටවල් 40කට අධික සංඛ්‍යාවකින් දිනක් ඇතුළත හඳුනාගත් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම ඊට පෙර සතියේදී වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මෙන් දෙගුණයක් අද (26) දිනයෙන් අවසන් වූ සතියේදී වාර්තා වී ඇත. ලොව බොහෝ රටවල් නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළ ද පසුගිය සතියේදී ලොව සෑම කලාපයකම වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන අයුරු දක්නට ලැබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, බොලීවියාව, සුඩානය, ඉතියෝපියාව, බල්ගේරියාව, බෙල්ජියම, උස්බෙකිස්තානය සහ ඊශ්‍රායලය යන රටවලින් ද වේගයෙන් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.
සීමා ලිහිල් කළ රටවලින් පළමු රැල්ල අවසන් වී මසක් යන්නටත් මත්තෙන් වයිරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලක් ආරම්භ වී තිබේ.
‘‘අපි ‘පැරැණි සාමාන්‍ය තත්ත්වයට’ යන්නේ නැහැ. මේ වසංගතය දැනටමත් අපේ ජීවිත ගෙවන ආකාරය වෙනස් කරලා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය. ‘කොහෙද යන්නේ ? මොකද කරන්නේ ? කාවද හම්බවෙන්නේ ?’ කියන තීරණ, ජීවිතයත්-මරණයත් අතර තීරණයක් ලෙස සලකා තීරණය කරන්නැයි අපි සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. මොකද ඒ තීරණ සැබැවින්ම ජීවිතය සහ මරණය තීරණය කරනවා’’ යැයි ද හෙතෙම කීය.
පසුගිය මසක කාලයේ දත්ත සලකා බැලීමේදී රටවල් බොහෝමයකින් දිනපතා වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වී තිබේ. අවසන් සති තුනක කාලයේදී රටවල් හතකින් ද අවසන් සති දෙකක කාලයේදී රටවල් 13කින් ද අවසන් සතියක කාලයේදී රටවල් 20කින් ද අදින් (26) දිනයේ අවසන් වූ සතියක කාලයේදී රටවල් 37කින් ද දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත ලෙස වැඩි වී තිබේ.
එම බොහෝ රටවලින් නව කොරෝනා ආසාදිතයන් මෙන්ම ආසාදිත මරණ නිසි පරිදි වාර්තා නොවී ඇති අතර විශේෂයෙන්ම දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල එම තත්ත්වය දරුණු යැයි ද සෞඛ්‍ය විශේෂඥයෝ සහ බලධාරීහු පෙන්වාදෙති.
ආසාදිතයන් වැඩි වෙත්ම දිනපතා වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද පසුගිය සතිවලදී වැඩි වී ඇත.
තවමත් වැඩිම ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 4 ඉක්මවා ගොස් ඇත. පසුගිය දින හතරක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව දහස ඉක්මවා ආසාදිත මරණ වාර්තා විය. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද මේ වනවිට මිලියනය ඉක්මවා ඇති අතර එම රටවල් තවමත් වයිරස ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාවට පැමිණ නැතැයි ද වසංගත විද්‍යාඥයෝ අනතුරු අඟවති.
රොයිටර්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රටවල් 40කින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළට
Amal Sunday, 26 July 2020 02:31 PM
ඒ වුනාට ලංකාවේනම් මාර විදියට කොරෝනා ලෙඩ්ඩුන්ට ලෙඩේ හොඳ වෙනවා. මොකද ඡන්දේ ලඟයිනේ.