IMG-LOGO

රිජ්වේ ආර්යා රෝහලේ සිටි බිළිදාගේ පියාට කොරෝනා නැහැ

 

(ඉන්දිකා රාමනායක)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වී සිටින බිළිදෙකුගේ පියා කෝවිඩ් ආසාදියකු බවට තහවුරු වුවද, අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇති බව ගොතටුව පරිපාලන මහජන පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.

මෙම පුද්ගලයා දරුවාගේ පුද්ගලයික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමේ ඔහු කෝවිඩ් 19 වයිරසය ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇත.

දරුවාගේ පියා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂණයේදී ද  මෙම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු වශයෙන් තහවුරු කර තිබු බවද නලීන් ෆෝන්සේකා මහතා කියා සිටියේය.

අයි.ඩී.එච්. රෝහල මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී  ඔහුට කෝවිඩ් වයිරසය ආසදිත වී නොමැති බවට ඊයේ (10) තහවුරු වී ඇති බවද නලීන් ෆෝන්සේකා මහතා කියා සිටියේය.

මෙම පුද්ගලයාට තවත් දින කිහිපයකින් තෙවැනි පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර එම පරීක්ෂණයේදීත් ඔහු කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත්  රෝහලින් මුදා හැරීමට සිදුකරන බවද ඒ මහතා කීය.

මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි කොටිකාවත්තේ නිවසේ සිටි 6 දෙනො  පී.සී.ආර්. පරීක්ෂණය ලක් කර ඇති බවත් එම වාර්තාව අනුව ඔවුන් කෝවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී නොමැති බවද පරිපාලනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

රිජ්වේ ආර්යා රෝහලේ සිටි බිළිදාගේ පියාට කොරෝනා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site