
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ) රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය. ඊයේ රාත්‍රි 10.00 සිට රක්වාන උක්වත්ත ඩෙල්ව්න් වත්තේ කොටසකට සංචරණ සීමාවන් පනවා ඇති බව ඒ මහතා කීය.
රත්නපුර මල්වල ප්‍රදේශයේ මනාලයෙකු රක්වාන ප්‍රදේශයෙන් විවාහ වී ඇති අතර ඔහුගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය රක්වානේදි පවත්වා තිබේ. එම උත්සවයෙන් පසු මනාලයාට කොරොනා ආසාදිත බව වාර්තා විය. ඒ නිසා නිවාස 10ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණි. එම උත්සවයට පාසල් ගුරුවරුන් සහ සිසුන් කිහිප දෙනෙකු ද සහභාගී වීම නිසා ඔවුන් ද සමග ප්‍රදේශයේ 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ගොඩකවෙල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිණි ඉන්දිකා ගුණදාස මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් එම පෙදෙසට සංචරණ සීමා පනවා තිබේ.
ඊයේ (12)වනදා කොරොනා ආසාදිත බවට හදුනාගත්තේ එලෙස නිරෝධායනයට යොමු කර සිටි පිරිසෙන් සිව්දෙනෙකි. තරුණයා සමග විවාහ ගිවිස ගත් මනාළියද ඇයගේ පවුලේ අයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd