IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යුරෝපයෙන් ආ පිරිසක් කෝට්ටේ නිවාස 40ක ස්වයං නිරෝධායනයේ

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක සිට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා බල ප්‍රදේශයට පැමිණ  නිරෝධානයට යොමු නොවී සිටි බව කියන පිරිස් සිටි නිවාස 40 ක පුද්ගලයන් සිය නිවෙස තුළදීම නිරෝධායනයට යොමු කළ බවත් සැක සහිත නිවාස දහයක් ජීවානුහරණය කළ බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා  ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතා පැවසීය.
 
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා නගරාධිපති මධුර විතානගේ මහතාගේ උපදෙස් මත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ළහිරු කරුණාරත්න සහ වැලිකඩ පොලිසිය එක්ව මෙම වැඩ සටහන ක්‍රියාවට නැංවීය.
 
එහිදි විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටින පිරිස් පීළිඹඳව මහජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ මෙම වැටලීම් සිදුකල බව ඒ මහා පැවසීය.
 
මෙම  පරික්ෂාවේදී ඉතාලිය, එංගලන්නය, ප්‍රංශය, කාරියාව, මැදපෙරදිග, වැනි රටවලින් පැමිණ සිටි විදේශිකයන් සහ ලාංකිකයන් හමු වු  බව සඳහන් කරන ඒ මහතා නිරෝධානය සඳහා අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දුන් බව පැවසීය.
 
 එම නිවෙස් වලින් හමු වු සෙම්ප්‍රතිශ්‍යාව හැදුණු රෝගියෙක් කොරෝනා ආසාධිතයෙක්ද යන්න තහවුරු කර ගැනිමේ පරික්ෂාවට   ජාතික රෝහලට යොමු කළ බව සඳහන් කළ  ඒ මහතා කොරෝනා බවට තහවුරු  වු රෝගියෙක් මෙතෙක් වාර්තා  නොවු බව පැවසීය. මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.



අදහස් (1)

යුරෝපයෙන් ආ පිරිසක් කෝට්ටේ නිවාස 40ක ස්වයං නිරෝධායනයේ

de silva Wednesday, 18 March 2020 06:13 AM

මෙම පිරිස් ලංකාවට එනකොටම ඔවුන්ගේ රුධිර සාම්පල සහ විස්තර අරගත්තා නම් මේ වැඩේ මිට වැඩිය ලේසි නේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 874 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1291 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site