IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මහනුවර මධ්‍යම වෙළෙඳපොලෙහි මත්ස්‍ය අලෙවිසැල් වසා දමයි


(චමිල් රුපසිංහ)


මහනුවර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවි පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.
 
පෑලියගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවිය සදහා මසුන් රැගෙන එන බැවින් කොවිඩ්-19 වයිරස ව්‍යාප්තියක් සිදුවීමට පවතින ඉඩකඩ සැලකිල්ලට ගෙන මධ්‍යම වෙළඳ පොළෙහි මත්ස්‍ය අළෙවි පරිශ්‍රයට මසුන් තොග රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසිය.
මහනුවර මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව අද (26) සිට පී. සී. ආර් පරීක්ෂණ ආරම්භ කරන බවත් මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව මත්ස්‍ය අළෙවි පරිශ්‍රය වවසා දැමීම හෝ විවෘත කිරීම තීරණය ඉදිරියේදි කරන බවත් නාගරික කොමසාරිස්වරයා සදහන් කළේය.
 
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හා නගරයේ අනෙකුත් සියලුම වෙළෙඳ සැල් සෞඛ්‍යය ආරක්ෂිත නීති රීති වලට අනුව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් මෙම උපදෙස් නොතකන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද  මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසිය.
 
 



අදහස් (1)

මහනුවර මධ්‍යම වෙළෙඳපොලෙහි මත්ස්‍ය අලෙවිසැල් වසා දමයි

Jaya Monday, 26 October 2020 06:25 PM

ඉතා හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site