IMG-LOGO

මාස තුනක් යන තුරු තැපෑලට සෙනසුරාදා නිවාඩු

(ඩයනා උදයංගනී)

තැපැල් සේවකයින්ට මාස තුනක කාලයක් සෙනසුරාදා දින නිවාඩු ලබා දීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මාස තුනක් ගතවන තුරු තැපැල් සේවකයින් සේවය කළ යුත්තේ සතියේ දින පහ පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.

සෙනසුරාදා තැපැල් කටයුතු පවත්වාගෙන යාමේදී එක් දිනකට රුපියල් මිලියන 21 ක් වැය වන බැවින් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය සළකා මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී   අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

පෙර පරිදිම සෙනසුරාදා දිනවල වැඩකිරීමට අවස්ථාව දෙන ලෙස හා අතිකාල දීමනා ගෙවන ලෙස තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කළ ද රජයට ආදායම් නොමැති තත්ත්වයක් යටතේ පෙර පරිදි වියදම් දැරීමට නොහැකි බව ඔවුන්ද තේරුම් ගත යුතුයැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔවුන් සමඟ පැවති සාකච්ඡාවලදීත් සෙනසුරාදා රාජකාරී මෙන්ම අතිකාල යන දෙකම ඉල්ලූ බව කී ඇමතිවරයා රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේදී ඇතුළුව තැපැල් සේවකයින් පසුගිය කාලයේ විශාල කාර්ය භාරයක් කළ බැවින් ඔවුන් කළ සේවය සළකා සතියේ දින 5 වැඩ කරන අතර අතිකාල දීමනා ගෙවීමට රජය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.

මාස තුනක කාලයෙන් පසු සෙනසුරාදා දින රාජකාරී කිරීමටත් ඔවුන්ට අවසර දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.



අදහස් (5)

මාස තුනක් යන තුරු තැපෑලට සෙනසුරාදා නිවාඩු

Siva Thursday, 11 June 2020 02:51 PM

ඔය තීරණය ගත්තෙ ඇත්තටම රටේ ආර්ථිකයට යහපතක් කරන්නම නම් ඒ ආකාරයටම වසා දැමිය යුතු නවතා දැමිය යුතු තවත් බොහොමයක් ආයතන හා සේවාවන් රටේ ඇති බව අමතක නොකල යුතුය. ප්‍රධාන ලෙසම පළාත් සභා සහ දේශපාළුවන් නඩත්තු කිරීම සඳහන් කළ හැකිය.

:       0       52

Gamarala Thursday, 11 June 2020 04:18 PM

සෙනසුරාදට විවෘත කරන්න එපා.

:       21       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 June 2020 02:30 AM

බන්දුල ඇමැතිතුමාගේ මොලේ තමයි මොලේ... දවසකටවත් මගේ අම්මපා.. මාස තුනකින් තියෙන්නේ මොන පැත්තේ හෝ රජයක්. ඒක තීරණය කරන්නේ ඡන්ද දායකයා. පොහොට්ටුව දිනුවොත්, මෙතුමා වෙනත් ඇමැතිකමක් දරන්න වුණත් පුළුවන්. එහෙම වුනොත් එතුමා ප්‍රශ්නයෙන් බේරිලා... අතිකාල ගන්න තැපැල් සේවකයන් ඡන්ද ටිකත් දෙනවා. මාස තුනට සෙනසුරාදා දින 12 ක්... ඒක දිනකට මිලියන 21 බැගින් මිලියන 252 ක් ඉතිරියි. එක ගලකින් කුරුල්ලන් කී දෙනෙක් අල්ලලා පෙන්නුවාද? හැබැයි සමහර වැඩවලදී අනාගන්න එකතමයි ගැටළුවකට තියෙන්නේ.. නැද්ද මං අහන්නේ...?

:       0       109

Ruwan Friday, 12 June 2020 08:49 AM

මාර්තු මාසේ ඔන්ලයින් ඕඩර් කරපු බඩු තාම ගෙදරට ආවේ නෑ..

:       3       0

prabhash Friday, 12 June 2020 11:16 AM

දන්නා තරමින් පහුගිය දවස්වල තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා එක්ව දිනක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළා. එකතු වුන මුදල තමයි මිලියන විසි එක. හැබැයි සෙනසුරාදාට වැඩ කරන්නනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විතරයි. දිවයින පුරා සියලු පරිපාලන කාර්යාල වල අයට නිවාඩු. ඒ නිසා වැය වන මුදල ලෙස දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ එක්දින වැටුප අනුව ගැලපීම නම් නිවැරදි වෙන්න බැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 422 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site