(ඩයනා උදයංගනී)
තැපැල් සේවකයින්ට මාස තුනක කාලයක් සෙනසුරාදා දින නිවාඩු ලබා දීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මාස තුනක් ගතවන තුරු තැපැල් සේවකයින් සේවය කළ යුත්තේ සතියේ දින පහ පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.
සෙනසුරාදා තැපැල් කටයුතු පවත්වාගෙන යාමේදී එක් දිනකට රුපියල් මිලියන 21 ක් වැය වන බැවින් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය සළකා මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
පෙර පරිදිම සෙනසුරාදා දිනවල වැඩකිරීමට අවස්ථාව දෙන ලෙස හා අතිකාල දීමනා ගෙවන ලෙස තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කළ ද රජයට ආදායම් නොමැති තත්ත්වයක් යටතේ පෙර පරිදි වියදම් දැරීමට නොහැකි බව ඔවුන්ද තේරුම් ගත යුතුයැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් සමඟ පැවති සාකච්ඡාවලදීත් සෙනසුරාදා රාජකාරී මෙන්ම අතිකාල යන දෙකම ඉල්ලූ බව කී ඇමතිවරයා රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේදී ඇතුළුව තැපැල් සේවකයින් පසුගිය කාලයේ විශාල කාර්ය භාරයක් කළ බැවින් ඔවුන් කළ සේවය සළකා සතියේ දින 5 වැඩ කරන අතර අතිකාල දීමනා ගෙවීමට රජය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.
මාස තුනක කාලයෙන් පසු සෙනසුරාදා දින රාජකාරී කිරීමටත් ඔවුන්ට අවසර දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තීරණය ගත්තෙ ඇත්තටම රටේ ආර්ථිකයට යහපතක් කරන්නම නම් ඒ ආකාරයටම වසා දැමිය යුතු නවතා දැමිය යුතු තවත් බොහොමයක් ආයතන හා සේවාවන් රටේ ඇති බව අමතක නොකල යුතුය. ප්‍රධාන ලෙසම පළාත් සභා සහ දේශපාළුවන් නඩත්තු කිරීම සඳහන් කළ හැකිය.
සෙනසුරාදට විවෘත කරන්න එපා.
බන්දුල ඇමැතිතුමාගේ මොලේ තමයි මොලේ... දවසකටවත් මගේ අම්මපා.. මාස තුනකින් තියෙන්නේ මොන පැත්තේ හෝ රජයක්. ඒක තීරණය කරන්නේ ඡන්ද දායකයා. පොහොට්ටුව දිනුවොත්, මෙතුමා වෙනත් ඇමැතිකමක් දරන්න වුණත් පුළුවන්. එහෙම වුනොත් එතුමා ප්‍රශ්නයෙන් බේරිලා... අතිකාල ගන්න තැපැල් සේවකයන් ඡන්ද ටිකත් දෙනවා. මාස තුනට සෙනසුරාදා දින 12 ක්... ඒක දිනකට මිලියන 21 බැගින් මිලියන 252 ක් ඉතිරියි. එක ගලකින් කුරුල්ලන් කී දෙනෙක් අල්ලලා පෙන්නුවාද? හැබැයි සමහර වැඩවලදී අනාගන්න එකතමයි ගැටළුවකට තියෙන්නේ.. නැද්ද මං අහන්නේ...?
මාර්තු මාසේ ඔන්ලයින් ඕඩර් කරපු බඩු තාම ගෙදරට ආවේ නෑ..
දන්නා තරමින් පහුගිය දවස්වල තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා එක්ව දිනක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළා. එකතු වුන මුදල තමයි මිලියන විසි එක. හැබැයි සෙනසුරාදාට වැඩ කරන්නනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විතරයි. දිවයින පුරා සියලු පරිපාලන කාර්යාල වල අයට නිවාඩු. ඒ නිසා වැය වන මුදල ලෙස දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ එක්දින වැටුප අනුව ගැලපීම නම් නිවැරදි වෙන්න බැහැ.