IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මිලලනිය වසම් දෙකකින් ආසාදිතයන් 49ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිව් චැටල් වතුයායේ ග්‍රාම සේවා වසම් දෙකකින් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 49 කු එකවර හමු වීම හේතුවෙන් එම ග්‍රාම සේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදෙකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

අංක 645 බී දෙල් දොර වත්ත හා අංක 652 ඒ බොරලැස්ස ග්‍රාම නිලධාරි වසම් වලට අයත් නිව් චැටල් වතුයායේ මිල්ලනිය කොටස තුළ ඉකුත් දින කීපය තුළ කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමක් සිදු වූ හෙයින් ඉකුත් 14 වෙනි දින මිල්ලනිය කොටසට අයත් නිවාස 50 ක පමණ පදිංචි පුද්ගලයන් 250 කින් අහබු ලෙස තෝරා ගත් පුද්ගලයන් 123 කු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් පුද්ගලයන් 49 කු ට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වු බව වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කීය

එම වතුයායේ රබර් කිරි කැපීම සඳහා පිටස්තර පුද්ගලයන් පැමිණෙන බැවින් ,වතුයායෙ බහුතරයක පිරිසක් අවම වශයෙන් මුඛ ආවරණයක් නො පැලඳ සැරි සැරීම මෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නිසි අයුරින් නොපැලදීම මෙන්ම ආසාදිත බවට අනාවරණය වී තිබූ පුද්ගලයන් ද විවිධ ප්‍රදේශ වලට සංචරණය කිරීම හේතුකොටගෙන රෝග පැතිරයාම වැළැක්වීම සඳහා හා ජන ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමියගේ නිර්දේශය කළුතර මහ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා වෙත දැනුම් දීමට පියවර ගත් බව ත් දිසාපතිවරයා මේ වන විටත් එම තීරණය අදාළ අංශ වෙත ලිඛිතව යොමුකර ඇති බවත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය

ආසාදිත බවට අනාවරණ වූ පුද්ගලයන්ගේ නියැදි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (0)

මිලලනිය වසම් දෙකකින් ආසාදිතයන් 49ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site