(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම අද (10) දහවල් වනතුරු තාවකාලිකව නතර කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී මහාලිංගම් පාස්කරන් මහතා පැවසීය.
උණ සහ සෙම රෝගයෙන් පෙළුණු 22 හැවිරිදි විවාහකයකු අද (10) දහවල් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය යෑමේ සිද්ධිය හේතුවෙන් මුන්දලම රෝහලේ සේවක පිරිස රෝහලෙන් පිටව යෑම නතර කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහුගේ ජෛව පටල සාම්මල පරීක්ෂාවට යොමු කර ඇති අතර එහි වාර්තාව අද (10) දහවල් ලැබීමට ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.
එම ජෛව පටල වාර්තාව ලැබෙනතුරු රෝහලේ කාර්ය මණ්ඩලයට මෙසේ රෝහලෙන් පිටවීම තාවකාලිකව නතර කළ බවද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම තාවකාලිකව නවතයි