(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් අද (19) මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කළේය.
කොරෝනා ආසාදිත රෝගියෙකු පසුගිය දිනක මුන්දලම පොලිස් ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මෙසේ හඳුනා ගත් කොරෝනා ආසාදිත රෝගියා පසුගිය (8 ) වැනිදා අනතුරක් සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාල පුද්ලගලයා පැය කිහිපයක් පොලිසිය තුළ රැඳී ඇති බවත් පොලිසිය කීය.
මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු ඉතාලියේ රැකියාවක් කර නිවාඩුවට පැමිණ සිටියදී තලවිල දේවාස්ථානයේ මාර්තු මංගල්‍යයට පවුලේ පිරිස සමඟ සහභාගි වීමට යමින් සිටියදී මුන්දලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පැවසීය.
පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා දින දෙකක් පුත්තලම රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම පුද්ගලයාට කැස්ස සහ උණ රෝගය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කර පසුව කොළඹ අයි.ඩි.එච් .රෝහල වෙත යොමු කර ඇත. එහිදි මෙම පුද්ගලයාට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පසුව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසාක් ජවුසික් මහතාගේ උපදෙස් මත පොලිස් ස්ථානය සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමට පුත්තලම නාවික හමුදාවට දැනුම් දි තිබුණි.
ඒ අනුව නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් අද (19) සවස මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය.
පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සියලු දෙනාම දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.









2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මුන්දලම පොලිස් ස්ථානය විෂබීජ හරණය කරයි
ගයාන් Thursday, 19 March 2020 05:47 PM
හොද වෙිලාවට තලවිල පල්ලි යන්න ඉස්සර වෙිලා මෙහෙම වුනේ නැත්නමිි ලොකු විනාශක් වෙන්නේ.
සනත් ඉතාලිය Thursday, 19 March 2020 06:07 PM
ඉතාලියෙ ඉදන් ගිය අය මුලු රටම අනතුරේ දැම්මා මදිවට මෙහෙ ඉන්න අපිවත් සමාජෙටම එපා කෙරුවා.
Deshapriya Thursday, 19 March 2020 06:39 PM
එතකොට එයත් එක්ක ගියපු අය හිටපු ගෙදර, ලඟින් ආශ්‍රය කරපු අය?
ajith Friday, 20 March 2020 02:29 AM
ඉතාලි ගිහින් හම්බ කරලා ලංකාවට ගෙනා මුදලට වඩා මුදලක් මේ කට්ටිය ගෙනා කොරෝනා වයිරසය නිසා රටට නැති උනා. එපමණක් නොවෙයි, රටේ ජනතාවගේ ජීවිත අනතුරේ දැම්මා. අදාල නිලධාරීන් තම දිවි පරදුවට තබා කටයුතු කරන තත්වයට පත් කලා. රජය අපහසුවට පත් කලා. අනේ නෝනලා මහත්තයල අපේ ජනතාව සහ රට ගැන හිතල මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දැන්වත් පුරුදු වෙන්න, පුහුණු වෙන්න. එහෙම නැතුව මෙහෙම වැඩ කරනවා නම් තවත් රට සල්ලි ගෙනත් මොකටද?