IMG-LOGO

මදුරන්කුලියේ කම්හලක් වසාදමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක් තාවකාලිකව අද(14) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

 
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවන් 300දෙනෙකු අතරින් 74 දෙනෙකු ජෛව පටල සාම්පල පරීක්ෂාවක් කර තිබිණි. මේ වන විට ලැබී ඇති වාර්තා අනුව සේවිකාවන් 26 දෙනෙකු අද ආසාදිතයන් වී ඇතැයි අනාවරණය වී තිබේ.
 
මෙම තත්වය සැලකිල්ලට ගෙන මදුරන්කුලිය කර්මාන්ත ශාලා පාලනාධිකාරිත්වය, සෞඛ්‍ය අංශ හා මුන්දලම පොලිසිය සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කර ඇත.
 
මේ වන විට ආසාදිත සේවිකාවන් ආණමඩුව, මුන්දලම, උඩප්පුව, මහකුඹුක්කඩවල, පුත්තලම හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකාරියන්ය.
 
මේ අනුව, සේවිකාවන් ආශ්‍රය කළ පවුල් 200 ක පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
 
ආසාදිත සේවිකාවන් කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට ගිලන් රථ යොදවා තිබිණි.

 



අදහස් (0)

මදුරන්කුලියේ කම්හලක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site