(කටුනායක ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙයින් පළමු වැන්න ඊයේ (03) රාත්‍රී 11.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පසුව අද (04) අලුයම 1.45ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 10 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10 දෙනෙකු පමණක් ගෙන්වන්නේ කුමටද? ඔය ගුවන් යානාවක 300කට විතර ඉඩ තියෙනවනේ.. ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නෙත් 192කි. රෝහල්වලත් ඉඩතියාගෙන ජීවිත අනතුරේ වැටිලා දුක්විඳින අපේ පුරවැසියන්ට මොකද වෙන්නේ? අගමැති කියලා තිබුණා රුපියල් කෝටි 7000ක් කොරෝනා ආධාර විදේශවලින් ලැබුණා කියලා..
විමල් මහත්තයා විදේශ ශ්‍රමිකයන් ගෙන්නුවේ නැතිනම් ඔවුන්ගේ පවුල්වල සහ හිතමිතුරන්ගේ ඡන්ද කොහොමත් ආණුඩුවට වැටෙන්නේ නැහැ. යූ ටියුබ් එකේ රටවිරුවෝ කියන දේවල් දැක්කාම දුක හිතෙනවා. ඔවුන්ගෙන් 17500 බැගින් ගත්ත රක්ෂණ මුදල් වලට විද්දේ කවුද?
40000ක් විතර ඉන්නවා එන්න බලාගෙන... 17ක් ගෙනැල්ලා... මොනවා කරන්නද?