ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරන ලදී.
ඩයලොග් සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 20ක් පරිත්‍යාග කිරීමේ ආරම්භය ලෙසින් මෙලෙස මීගමුව මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකකය පරිත්‍යාග කෙරිණි.
මෙය වෛද්‍ය සැඩි සත්කාර ඒකකයකින් සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් සමන්විතය. මෙම දැඩි සත්කාර පහසුකම් ස්ථාපනය කිරීම මගින් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අවස්ථා දිගුකාලීනව ඉහළ නැංවීම මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පීඩනය අවම කිරීමටත්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමටත් මහෝපකාරී වනු ඇත.
මීගමුව මහ රෝහලට දැඩිසත්කාර ඒකකයක් ලබාදීම වෙනුවෙන් ඩයලොග් ආයතනයට රජයක් වශයෙන් ස්තූති වන්ත වන බවත්, කොරෝනා සහ ඩෙංගු ආසාධිත රෝගීන් බේරා ගැනීමේ ප්‍රධාන රෝහලක් ලෙස මීගමුව මහ රෝහල නම් කරන බවත්, මෙම උදාර මෙහෙවරට සම්බන්ධ සියලු දෙනාටම ස්තුතිය සහ ගෞරවය පුදකරන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. එච්. මුණසිංහ මහතාද සහභාගි විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 20ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළ යටතේ මීගමුව මහ රෝහලට දැඩිසත්කාර ඒකකයක් මසකටත් අඩු කාලයකදී සාදා නිමකිරීම පිළිබඳව තමා බෙහෙවින් සතුටු වන බවත්, එමගින් කොරෝනා රෝගීන්ටත්, අනෙකුත් සියලුම දැඩිසත්කාර රෝගීන්ටත් දිගුකාලීන අඛණ්ඩ වෛද්‍ය සේවාවක් ලබාදීමට හැකි බවටත් අපේක්ෂා කරන බවයි.
මෙහි දෙවැනි අදියර ලෙස හෝමාගම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය ස්ථාපනය කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මීගමුව මහ රෝහලට ඩයලොග් වෙතින් දැඩිසත්කාර ඒකකයක්
de silva Monday, 01 June 2020 02:08 PM
ඔය මොනවා තිබුණත් වැඩක් නැහැ.. අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු සහ හෙදියෝ නැතිනම්...