IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බස්නාහිර පළාතේ සිරවී සිටින පිරිසට සහන සලසන්න වැඩපිළිවෙළක්

රටතුළ පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිටින සෙසු පළාත් වල ජනතාවට සහන සැලසීමට සහන සේවාවක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සේවාව ක්‍රියාත්මක වේ.

ඒ අනුව 011 – 2092720 අංකය ඔස්සේ මෙම සහන සේවා මැදිය අමතා දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති පිරිස් සිටීනම් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව ඇත.

 



අදහස් (3)

බස්නාහිර පළාතේ සිරවී සිටින පිරිසට සහන සලසන්න වැඩපිළිවෙළක්

de silva Sunday, 12 April 2020 03:09 PM

මාසෙක විතර ඉඳන් එක එක සහන සලසනවා කියලා කිව්වට මම දන්නා හදුනන කිසිම කෙනෙකුට ඔය කියන සහන ලැබී නැත. දහස් ගණනක් කොළඹ අතරමංවී ඇත. මේවා ගැන සිතන්න තිබුනේ ඇදිරි නිතිය පනවපු දිනවල. මේවා ගැන දන්නා නිසා මිනිස්සු ඇදිරිනීතිය දමපු දවසෙම පන එපා කියල බස් වල තෙරපීගෙන හා දුක් විඳගෙන කොළඹින් පැනගත්තේ. හිටපු මිනිස්සු අමාරුවේ.

:       0       61

L.P.tharuka Sunday, 12 April 2020 04:51 PM

මගේ ගම තිස්සමහාරාම, මාත් දැන් මාසෙකට කිට්ටුවෙන්න කාලයක් මෙ අනුන්ගේ ගෙදරකට වෙලා ගමට යන්න බැරිව හිරවෙලා ඉන්නේ... මගේ බබාට අවුරුදු 3යි. එයාගේ හාර්ට් ටෙස්ට් එකක් කරගන්නයි කොළඹ ආවෙ... ඒත් අන්තිමට කිසිම දෙයක් කරගන්න වුණේ නැත්තේ...., ගෙදර යන්නත් විදිහක් නැහැ.. ගොඩක් ලොකු මානසික පීඩනයකින් අපි ඉන්නේ.. පුලුවන්නම් අපිට ගමට යන්න විදිහක් සලස්වන්න. ගොඩාක් පින්...

:       0       15

සචිනි අප්සරා දිසානායක Saturday, 02 May 2020 04:52 AM

මගේ අම්මා, නංගි, මා සමග මේ වනවිට කඩවත, ඉහලබියන්විල ප්‍රදේශයේ සිරවී සිටිනවා. අපි අනුරාධපුරයේ පදිංචි. මෙහේ කුලී නිවසක ඉදන් තමයි මායි, අම්මයි රැකියාවට යන්නේ. ඒත් මේ ප්‍රශ්නය නිසා අපට රැකියාව අහිමි වෙලා, ගෙවල් කුලී ගෙවන්න විදියක් නෑ. අපට නැවත අපේ ගමට යන්නයි අවශ්‍ය. ඒ සදහා උදව්වක් බලාපොරොත්තු වෙනවා. තාත්තත් නැති අපට මේ වෙලාවේ පිහිට වෙන්න වෙන කවුරුත් නෑ. බලදාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අපට නැවතත් අපේ ගමට යන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කර දෙන ලෙස..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site