IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි

 

(ඩයනා උදයංගනී)
 
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථා‍නයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව හෙට (2) උදෑසන 5.00ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය ලබන 9 වැනිදා දක්වා අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක බව ද හමුදාපතිවරයා සඳහන් කලේය.

පසුගිය දිනවල කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව ද හමුදාපතිවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට හා කුලියාපිටිය පොලිස් වසමටද හෙට (2) උදෑසන 5.00ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය ලබන 9 වැනිදා  අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක බව ද හමුදාපතිවරයා සඳහන් කලේය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (1) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඡායාරූපය - ශාන්ත රත්නායක

 

 

 

 

 

 

 



අදහස් (11)

බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි

Kamal Koyrala Sunday, 01 November 2020 10:59 AM

මහා කාර්යසාධක බලකාවල මාධ්‍ය සංදර්ශන සහ සර් 01 දමාගැනීමේ කලාව... දැන් වන කරගෙන තියෙන්නේ... දැන්වත් ලැජ්ජාව වහගන්න රට ලොක්ඩවුන් කරන්න.

:       5       15

ගුණදාස Sunday, 01 November 2020 10:45 PM

ඇත්තම කියනව නම් මහත්තයෝ මේ වෙනකොට උණකට, හෙම්බිරිස්සාවට අපිට ඉගුරු, කොත්තමල්ලි ටිකක් ගන්න බැරි තත්වය පත්වෙලා ඉන්නේ. අතේ සතේ නැතිව

:       0       0

Viki Sunday, 01 November 2020 11:46 AM

අයියෝ 2 වැනිදා ඇඳිරි නීතිය අනිවාර්යයෙන් ඇවිත් කරනවා කිව්වේ ජෝක් එකටද?

:       3       11

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 01 November 2020 01:03 PM

සත්‍ය වශයෙන්ම මෙවර වර්තමාන රජය, සෞක්‍ය ඇමැතිනිය, ශවේන්ද්‍ර මහතා තම තමන්ගේ බුද්ධියේ මහිමය, හැකියාව හොඳහැටි රටට ප්‍රදර්ශනය කළා. බ්‍රැන්ඩික්ස් පොකුර සඳහා නිසි පියවර නොගැනීම, මිනිසුන්ට පිටවීමට ඉඩලබාදී ඇඳිරි නීතිය දැමීම ආදී දේ මොනතරම් දුරදක්නා නුවණින් ගත් තීන්දු තීරණද බව හොඳහැටි වැටහේ. හුරේ ... ඔහොමම යමු...

:       4       21

Nimal Sunday, 01 November 2020 02:12 PM

රටේ සහල් අතිරික්තය ඇතිබව සහ පසුගිය කන්නයේ හොඳ අස්වැන්නක් ලැබුණු නිසාත් සෑම නිවසකටම සහල් කිලෝ 5ක් බැගින් පොල්ගෙඩි 5 බැගින් සහ පරිප්පු කිලෝ 3 බැගින් ලබාදීමට රජයට හැකියාව ඇත.

:       2       16

kamal Sunday, 01 November 2020 02:23 PM

මෙතුමා අපිට සති අන්තයේ විතරයි ඇඳිරිනීතිය දාන්නේ... බඩු එක් රැස් කරන්න එපා කියලා නිවේදනය කරලා දැන් කියනවා තව සතියක් ඇඳිරි නීතියලු. හොඳ වෙලාවට මෙතුමා කියන දේ අහන්නේ නැතිව පුලු පුලුවන් විදියට බඩු ටිකක් ගෙනත් දා ගත්තේ...

:       1       25

තුශාර Sunday, 01 November 2020 03:18 PM

හෙට දිනයේ ගම්පහ ජනතාවට ආහාරද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාව තිබෙනවාද?

:       1       8

siri Sunday, 01 November 2020 04:11 PM

"චීනේ, සිංගප්පුරුවේ, ඉතාලියේ කරපු හැටි තමයි සේරම මට කියන්නේ. මම කරපු හැටි කවුරුවත් කියන්නේ නැහැ" අපි නෙවේ කිව්වේ ඔන්න.

:       1       17

Niluka Sunday, 01 November 2020 07:08 PM

ගොඩක් හොඳ තීරණයක්. අඩුම ගානේ තව මාස 3ක්වත් එක දිගටම ඇදිරි නීතිය දමන්න

:       0       0

Prasad Monday, 02 November 2020 02:37 AM

ඊයේ රෑ ටීවි එකෙන් දැක්කා ... කොවිඩ් බෝ කරන්නේ ජනතාව කියලා අපේ සර් බනින හැටි... ඇත්තටම මහින්ද මහතාගේ අගේ තේරෙන්නේ දැන්.. කොහෙද එතුමගේ පිහිටෙන් ගොඩගිය 150ම එතුමා අවලංගු කළානේ.

:       0       4

Ramendra Monday, 02 November 2020 11:42 AM

ගොඩගියොත් සර්, කෙල්වුනොත් ජනතාව.... ගොඩගියොත් පොතකුත් එලිදක්වනවා. යුද්දෙට ගහපු පොත වගේ. මෙවර පොත ලියන්නෙ කමල් සර් නෙමෙයි ශවේන්ද්‍ර සර්. නැත්නම් තව වහල්ලු ඉදිරිපත් වෙයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site