බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් මුදාහරිමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ වයිරස පරික්ෂාවක දී තමා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවය.
එම නිසා තමන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට ලක්ව ප්‍රතිකාර ලබන බව ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.
වෛරසය ආසාදනය වු බවට තහවුරු වු වී ඇති බොලීවියානු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පිළිබඳව ද ජනාධිපතිවරිය සිය ට්ව්ටර් පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර, අද වන විට ලොව පුරා රටවල්වලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසි තුන් ලක්ෂයකට අධිකය.
වසංගතයෙන් ලොව පුරා පුද්ගලයන් පන්ලක්ෂ පනස් හයදහසකට වැඩි පිරිසක් මියගොස් ඇත.
ගාඩියන් ඇසුරෙනි
(125)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා