බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වී ඇතැයි බෙල්ජියම් රාජකීය මාළිගාව පවසයි.
28 හැවිරිදි ජෝෂිම් කුමරු ස්පාඤ්ඤයේ පැවැත්වුණු සාදයකට සහභාගී වීමෙන් පසුව කොරෝනා වැළඳී ඇත.
මාළිගය පවසන්නේ කුමරු මැයි 26 වනදා සීමාවාසික පුහුණුවක් සඳහා බෙල්ජියමේ සිට ස්පාඤ්ඤයට ගිය බවයි.
ඉන් දින දෙකකට පසු ස්පාඤ්ඤයේ දකුණු දිග කෝඩොබාහි සාදයකට සහභාගී වීමෙන් පසු කුමරු කොවිඩ් - 19 පරීක්ෂණයට භාජනය කෙරිණ.
මොහු බෙල්ජියමේ ෆිලිප් රජුගේ ඥාති පුත්‍රයෙකි.
සාදයට 27 දෙනකු සහභාගී වී ඇති අතර ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක වන අගුලු දැමීමේ ක්‍රියාවලිය යටතේ රැස්විය හැක්කේ උපරිම 15 දෙනකුට පමණක් බවත් සාදය එහිදී නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් සිදුවී ඇති බවත් පැවසේ.
ස්පාඤ්ඤ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සාදයට සහභාගී වූ සියලු දෙනා නිරෝධයනයට ලක්කර තිබේ.
ස්පාඤ්ඤයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 286 308 දෙනකු හමුවී ඇති අතර මරණ 27 125ක් සිදුවී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඔටුන්න හිමි කුමාරවරුත් ආරක්ෂා කරගන්න වෙයි වගේ...