IMG-LOGO

බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වෙයි

බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වී ඇතැයි බෙල්ජියම් රාජකීය මාළිගාව පවසයි.

28 හැවිරිදි ජෝෂිම් කුමරු ස්පාඤ්ඤයේ පැවැත්වුණු සාදයකට සහභාගී වීමෙන් පසුව කොරෝනා වැළඳී ඇත.

මාළිගය පවසන්නේ කුමරු මැයි 26 වනදා සීමාවාසික පුහුණුවක් සඳහා බෙල්ජියමේ සිට ස්පාඤ්ඤයට ගිය බවයි.

ඉන් දින දෙකකට පසු ස්පාඤ්ඤයේ දකුණු දිග කෝඩොබාහි සාදයකට සහභාගී වීමෙන් පසු කුමරු කොවිඩ් - 19 පරීක්ෂණයට භාජනය කෙරිණ.

මොහු බෙල්ජියමේ ෆිලිප් රජුගේ ඥාති පුත්‍රයෙකි.

සාදයට 27 දෙනකු සහභාගී වී ඇති අතර ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක වන අගුලු දැමීමේ ක්‍රියාවලිය යටතේ රැස්විය හැක්කේ උපරිම 15 දෙනකුට පමණක් බවත් සාදය එහිදී නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් සිදුවී ඇති බවත් පැවසේ.

ස්පාඤ්ඤ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සාදයට සහභාගී වූ සියලු දෙනා නිරෝධයනයට ලක්කර තිබේ.

ස්පාඤ්ඤයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 286 308 දෙනකු හමුවී ඇති අතර මරණ 27 125ක් සිදුවී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වෙයි

chandima Sunday, 31 May 2020 05:01 PM

අපේ රටේ ඔටුන්න හිමි කුමාරවරුත් ආරක්ෂා කරගන්න වෙයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site