IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බේරුවල ධීවර වරාය තවදුරටත් සිල්ලර වෙළඳාම නොකරයි

තුසිත කුමාර ද සිල්වා

ඇඳිරිනීතිය අඛණ්ඩව පවතින කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ධීවර වරාය තුළදී නැවත දන්වන තුරු සාමාන්‍ය ජනතාවට සිල්ලර මසුන් අලෙවිය තවදුරටත් නවතා ඇති බව බේරුවල ධීවර වරාය කළමනාකාරිත්වය අද (10) පැවසීය.

සාමාන්‍ය පරිදි දිස්ත්‍රික්කයේ සෙසු කටයුතු සඳහා විවෘත කිරීම පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවැති රැස්වීමකින් අනතුරුව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා මේ අදහස් ප්‍රකාශ කළහ.

බේරුවල ධීවර වරාය තුළින් පසුගිය මාර්තු මස 16 වන දින සිට මැයි මස පළවන දින වන විට මසුන් කිලෝ 23 50 000ක් තොග වශයෙන් අලෙවි කර ඇති බවත් එම මත්ස්‍ය ප්‍රමාණය විවිධ වර්ග වලින් සමන්විත වූ අතර එම මත්ස්‍ය ප්‍රමාණය දින 46 ක කාලයක් තුළදී බහුදින යාත්‍රා 433 කින් බේරුවල ධීවර වරාය තුළට රැගෙන ආ යාත්‍රාවල මත්ස්‍ය අස්වැන්න බවත් ඒ මහතා පැවසීය.

අඛණ්ඩඇඳිරි නීතිය ක්‍රියාත්මක මාස එක හමාරක කාලයක් තුළ ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ මත්ස්‍ය අස්වැන්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර අලෙවි කර දීමට බේරුවල ධීවර වරාය කළමණාකාරීත්වය කටයුතු කළ බවත්ය.

යම් හෙයකින් කොරෝනා වයිරසය තත්ත්වය බේරුවලට බලපෑම හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ධීවර ජනතාව මහ සයුරේ සිට මෙගොඩට ගෙන්වා මත්ස්‍ය අස්වැන්න වරාය පරිශ්‍රය වසා තැබුවේ නම් විනාශ වීමට ඉඩ ඇති අතර එම මසුන් අලෙවි කිරීමට හැකිවීම ධීවර ජන ජීවිතය නගාසිටුවීමට පිටුවහලක් බවත් වරාය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

බේරුවල ධීවර වරාය තවදුරටත් සිල්ලර වෙළඳාම නොකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site