( උපාලි රණවීර)
හේනේගම , කහටාන , මුත්තෙට්ටුවවත්ත ප්‍රදේශයේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහලයේ එල්ලී මියගොස් සිටි ගෙහිමි සැමියාගේ හමුවු වු බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
බිරිද හා දියණිය ඝාතනය කොට සැමියාද දිවිනසාගෙන ඇති බව පොලිසිය සැකකරයි.
නිවසේ ඇදමත තිබු බිරිදගේ සිරුරෙහි තියුණු කැපුම් තුවාල ඇතිබවත් දියණියගේ ගෙල ප්‍රදේශයේ සීරිම් සලකුණු ඇතිබවත් පොලිසිය කියයි.
එච්.ජී.දිල්රුක්ෂි වික්‍රමසිංහ(28) හා කේ.කේ.ෂනුදි සාවින්ද්‍යා (03) මෙසේ ඝාතනයට ලක්ව තිබිණි.
ගෙහිමියා වු සමන් පත්මසිරි (37) සැමියා සියදිවි නසාගෙන තිබේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගම්පහ රජයේ රෝහලේදීඅද( 02) සිදුකිරීමට නියමිතව තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජිවිත අපරාදේ නැති වෙනවා. මේ මොකද වෙලා තියෙන්නේ. කන්න නැතුව වෙන්න ඇති? නිවන් සැප ලැබේවා ඔබ සැමට.