( සිරි නිහාල්ගමගේ)
බද්දේගම ඉදිගකැටිය ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 103 කට කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි සෞඛ්‍ය මධ්‍යස්ථානය කියයි.
මෙම පිරිස කොරෝනා ආසාධිතයින් බවට ඉකුත් මස 22දින සිට මේ මස 06 දක්වා කරණ ලද පිසිආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හදුනාගත් බැව් සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේය.
මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 650ක් පමණ සිටින බවත් විධායක නිලධාරීන් සිව් දෙනකු ඇතුළු සේවකයින් හට මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බවද පැවසේ.
මේ වනවිට දැඩි සෞඛ්‍ය උපදෙස් මත කර්මාන්ත ශාලාවේ කටයුතු අකණ්ඩව සිදුකරන බැව් සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd