(සමන් පාලිත නානායක්කාර)
මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම යළි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (23) පැවසුවේය.
මේ පිළිබඳව වෙළඳුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද නිශාන්ත මහතා පැවසීය.
වැල්ලවාය, වැලිමඩ සහ හපුතලේ ප්‍රදේශවල සිට එළවළු රැගෙන වෙළෙන්දන් විශාල පිරිසක් බණ්ඩාරවෙල ඉරිදා පොලට පැමිණෙන අතර විශාල පාරිභෝගික පිරිසක්ද බණ්ඩාරවෙල ඉරිදා පොළට පැමිණීම නිසා මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් විය යුතු බවයුතු බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවෙ සෞඛ්‍ය අංශයේ සහ බලධාරීන්ගේ අවධානය පිණිසයි. කරුණාකර දැන්වත් මහාමාර්ග දෙපස පොලවල්වල ගෝනි සහ පොලිතීන් උර මත මහපොලව මත වෙළදාම් කරන්නේ එළවලු, මාලු, පලතුරු වැනි ආහාරයට ගන්න දේවල් විකිණීමෙන් සහ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්න. රටට රෝග බිය ඇතිවී තිඛෙන මෙම අවස්ථාව ගැන සැලකිලිමත් වන්න.