(රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තපහල කොටස අද (02) උදෑසන සිට හුදෙකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
එම වතු යායේ පහල කොටසෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් මේ වන විට හදුනාගෙන ඇති බවත්,ඉකුත් (29) දින එම වතු යායෙන් අසාදිතයන් 14 දෙනෙකු හමුවිම නිසා කොටියාගල වත්ත පහල කොටස හුදකලා කිරිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
පෙර අසාදිතයන්ගේ සහ නව අසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් සිටින බවත්, එම පිරිස මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
හුදකලා කරන ලද බගවන්තලාව වත්ත පහල කොටසට පිවිසෙන මාර්ග සියල්ලකම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
මේ අතර බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා දෙකක කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම බැංකු ශාඛා දෙක (01) දින සිට තාවකාලිකව වසා දමා එම බැංකු ශාඛා දෙකේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බගවන්තලාව කොටියාගල කොටසක් හුදෙකලා කරයි