(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරොනා රෝගය වැළදී දැනට සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණ සිටින සංචාරක මග පෙන්වන්නෙකු වන ජයන්ත රණසිංහ මහතා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අද (26) කළුබෝවිල ශික්ෂණ රෝහලට කැඳවාගෙන ගිය බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
ජයන්ත රණසිංහ මහතා රෝගය වැළඳී ප්‍රතිකාර ලබන කාලය තුළදී ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයකින් පසු වීම නිසා ඔහුගේ රුධිර සෛල කොරොනා රෝගය වැළදී දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ලබාදීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ඒ මහතාගේ රුධිරය ලබාගැනීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවද වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රණසිංහ මහතාගෙන්
විමසා තිබූ අතර ඒ පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් ගිලන් රථයක් රෝගියාගේ නිවසට යවා ඔහුව රෝහලට රැගෙන ගිය බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය. කළුබෝවිල ශික්ෂණ රෝහලට ගොස් පැය දෙකහමාරකට පමණ පසුව නැවත නිවසට පැමිණි බව ජයන්ත රණසිංහ මහතා පැවසීය.
ගිලන් රථය නිවසට පැමිණ අවස්ථාවේදී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතාද එම ස්ථානයට පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...
ජයන්ත රණසිංහ මහතානෙනි ඔබට බොහෝම පිං ... මෙම පින සැමදා නිරෝගී භාවය පිණිස හේතු වේවා...
මගෙ දෙවියනේ! හරියට සනීප වෙලා වත් නෑ. ලේ වලින් තව කෙනෙකුට ගියොත්? මෙයාල හදන්නෙ රටටම ලෙඩේ බෝ කරන්න. පරීක්ෂණ කරන්න අසරණ රෝගීන් යොදා ගැනීම හෙලා දකිමු.
dr දිල්ෂාන් ගේ දොස්තර පට්ටම හැදුවේ මොන කම්මලේද දන්නේ නැහැ . අඩු ගණනේ සයිටම් එකෙන් එලියට ආපු දොස්තර කෙනෙක් වත් මේ වගේ ගොන් කතා කියන්නේ නැහැ . convelescent plsma transfusion කියල එකක් වෛද්‍ය විද්‍යාවේ එනවා... බොරු දුර්මත දමල මිනිස්සු මුලා නොකර අඩු ගන්නේ ඒ ගැන කියවලාවත් බලන්න.