(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, ලක්‍ෂඋයන කර්මාන්තපුරයේ පිහිටි සහල් නිවුඩු භාවිතයෙන් මිනිස් පරිභෝජනයට ගන්නා තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 121 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ කොරෝනා ආසාදිතයින් අලූතින් හමුවී ඇත්තේ ඊයේ (20) පස්වරුවේ සිදුකල පී.සී.ආර්.පරීක්‍ෂණවලදී බව සෞඛ්‍ය අංශ පවසයි..
මෙම කෙරෝනා ආසාදිතයින් අතර ඉන්දියානු ජාතිකයින් සහ මඩකලපුව ප‍්‍රදේශයෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයින්ද සිටින බව අනාවරණයවී ඇත.
මොවුන්ට ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවී ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දිය ජාතිකයන් 06 දෙනෙකුගේ සහ ශ‍්‍රී ලාංකික ආසාදිතයන් 05 දෙනකුගේ ජෛව පටල සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කලේය.
මෙම ආසාදිතයන් සියලූම දෙනා මේ වනවිට කන්දකාඩුව සහ පුනානී ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,වෛද්‍ය ඉන්දික දංගම්පොළ මහතා ප‍්‍රකාශ කලේය.
මෙම ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයන් සියලූම දෙනා ස්වයං නිරෝධානය සඳහා යොමු කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොළොන්නරුවේ කර්මාන්ත ශාලාවක 121කට කොරෝනා
bandara Monday, 21 June 2021 06:35 PM
අද ලංකාවේ විශාලතම කොරෝනා ප්‍රභවය කර්මාන්ත ශාලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙන්නේ ජෛව බුබුලක් කර්මාන්තය කරන්න කියලා. උදේ ගෙවල් වල ඉඳලා වැඩට යනවා... හවස කොරෝනා හදාගෙන ගෙදර එනවා. බුබුලේ කෑලිත් නෑ. කාට මේවා කියන්නද? හිටන් හිටියා නම් හොඳයි වගේ....