(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, ලක්‍ෂඋයන කර්මාන්තපුරයේ පිහිටි සහල් නිවුඩු භාවිතයෙන් මිනිස් පරිභෝජනයට ගන්නා තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 121 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ කොරෝනා ආසාදිතයින් අලූතින් හමුවී ඇත්තේ ඊයේ (20) පස්වරුවේ සිදුකල පී.සී.ආර්.පරීක්‍ෂණවලදී බව සෞඛ්‍ය අංශ පවසයි..
මෙම කෙරෝනා ආසාදිතයින් අතර ඉන්දියානු ජාතිකයින් සහ මඩකලපුව ප‍්‍රදේශයෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයින්ද සිටින බව අනාවරණයවී ඇත.
මොවුන්ට ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවී ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දිය ජාතිකයන් 06 දෙනෙකුගේ සහ ශ‍්‍රී ලාංකික ආසාදිතයන් 05 දෙනකුගේ ජෛව පටල සාම්පල වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කලේය.
මෙම ආසාදිතයන් සියලූම දෙනා මේ වනවිට කන්දකාඩුව සහ පුනානී ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,වෛද්‍ය ඉන්දික දංගම්පොළ මහතා ප‍්‍රකාශ කලේය.
මෙම ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයන් සියලූම දෙනා ස්වයං නිරෝධානය සඳහා යොමු කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ විශාලතම කොරෝනා ප්‍රභවය කර්මාන්ත ශාලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙන්නේ ජෛව බුබුලක් කර්මාන්තය කරන්න කියලා. උදේ ගෙවල් වල ඉඳලා වැඩට යනවා... හවස කොරෝනා හදාගෙන ගෙදර එනවා. බුබුලේ කෑලිත් නෑ. කාට මේවා කියන්නද? හිටන් හිටියා නම් හොඳයි වගේ....