IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් වාරය ආරම්භයෙන් පසු ගාල්ලේ පාසල් 48ක ළමුන් 95කට කොරෝනා

(ජේ.කේ.එල්. චාමින්ද)
පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ දක්වා ගතවු කාලය තුලදි  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු  තිදෙනෙකුට කොරෝනා වය්රසය ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
 
මින් පාසල් දරුවන් බහුතරයට කොරෝනා ආසාදනය වී ඇත්තේ  පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින්  සිටියදි  බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.  මොවුන්ගේ  පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලුදේනා නිරෝධායනය කිරීමට කටයුතු කරඇති බවද ඒ මහතා පවසයි.
 
වයිරසය ආසාදනය වු එම පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන්  33 දෙනෙකුටම  වයිරසය ආසාදනය වි ඇත්තේ ඉකුත් සති දෙක තුලදි බවද හෙතෙම පවසයි. එම සති දෙක තුල එක් ගුරුවරයකුට  කොරෝනා ආසාදනය වී ඇති බවද  ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
මේ කාලය තුල දි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ  පදිංචි පාසල් දරු දැරියන් 07 දෙනෙකුට, අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි දරු දැරියන් 02නෙකුට, බද්දේගම ප්‍රදේශයේ  එක් සිසුවියකට, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 07 දෙනෙකුට හා ගුරුවරුන් 02නෙකුට, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචි පාසල්දරු  දැරියන් 22 නෙකු හා එක් ගුරුවරයෙකුට, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවන් 02නෙකුට, හබරාදුව ප්‍රදේශයේ පදිංචි දරුවන් 08 දෙනෙකුට, හික්කඩුව ප්‍රදේශයේ දරුවන් 02නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. එමෙන්ම ඉමදුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට, ඉදුරුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට,කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 04 දෙනෙකුට, ගාල්ල නගර සභා බලප්‍රදේශයේ පදිංචි පාසල් දරු දැරියන් 08 දෙනෙකුට, නෙළුව ප්‍රදේශයේ 17 දෙනෙකුට, රත්ගම 05නෙකුට, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පාසල් දරු දැරියන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

වැඩිම කොරෝනා ආසාදිත පාසල් දරු දැරියන් වාර්තා වන්නේ  නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  වන අතර එම සංඛ්‍යාව 17කි.  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කොරෝනා පොකුරක් නිර්මානයවිමට  ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (1)

පාසල් වාරය ආරම්භයෙන් පසු ගාල්ලේ පාසල් 48ක ළමුන් 95කට කොරෝනා

banda Thursday, 11 February 2021 10:15 AM

ලංකාවේ ඕනෑම පොදු තැනක කොරෝනා රෝගීන් ඉන්නවා. මේක සාමාන්‍ය දෙයක්.. කොරෝනා සමග ජීවත් වන්න පුරුදු වෙන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site