(ක.ග. කරුණාරත්න)
හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොලොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුලත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇතැයි එම රෝහලේ පරිපාලන අංශය නිවේදනය කරයි.
පොලොන්නරුව රෝහලේ නේවාසික රෝගී කාන්තාවක කොරෝනා අසාදිත බවට හඳුගැනීමෙන් පසුව අද (16) සිට මෙම පියවර ගෙන තිබේ.
ඊට අමතරව එම කාන්තාව වෙනත් අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදෙකලා කිරීමටද පියවර ගෙන ඇති අතර එම කාන්තාව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවද හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
එම වාට්ටුවේ රාජකාරී කල වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළුසෞඛ්‍ය කාර්ය මණ්ඩලය 42ක් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
ඔවුන් සියළුම දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහාද මේ වනවිට යොමුකර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.
එම කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා, දරුවන් දෙදෙනෙකු ඇතුළු සමීපතමයන් 05 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගනු ලැබූ 05 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ඔවුන් වෙසෙන නිවාස තුලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට අද (16) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේත.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලොන්නරුව මහ රෝහලට රෝගීන් ඇතුලත් කිරීම සීමා කරයි