( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියාය.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ විසුරුවා හළ පළාත් සභාවක් නැවත කැදවීම සඳහා පමණක් යැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ,ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නාය.
එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයිද නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.
ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද(26) අඛණ්ඩව හය වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ඇරඹුණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ , සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් සලකා බැලේ.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අද වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම සදහා නීතිමය බාධාවන් නොමැති බව විවිධ නඩු තීන්දු උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.
පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි මහ මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බවට තීන්දු කරනු ලැබුවොත් අලුතින් නාම යෝජනා පත්‍ර කැඳවීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ප්‍රතිපාදන සලසා නොමැති බව ද ඇය පෙන්වා දුන්නේය.
COMMENTS
මියගිය වළදමා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්න එපා. එය කොරෝනා වැළඳී මියගිය මළ කඳක් ගෙදර නැවත ගෙනාවා වගේ සිටියි.
NGO JVP UNP සල්ලි...
පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වොත් පහුවුණු මාස කීපයේ පින්පඩිත් දෙනවද?
සයින්දමුරුදු නගර සභාවක් කරන්න දාපු ගැසට්ටුව නම් නැවත අවලංගු කරා වගේ මතකයි...
දැන් පේනවා නේද එකඑකාට ඕනෑ විදියට පැලැස්තර දාලා ව්‍යවස්ථාව එහෙම පිටින්ම අච්චාරුවක් කරලා කියලා.
ජනපතිට බලේ නැතිනම් අධිකරණය විසින් එ්ක කරන්න...
කාලකන්නි 225 චිරාත් කාලයක් පිනට කාලා පුරුදුවෙලා ඉඳලා දැන් දියවන්නා පට්ටියට යන්න බැරිව මරලතෝනි දෙනවා නොවේද? පක්ෂභේදයකින් තොරව මෙය නොවේද යතාර්ථය? මේ අය මේ පොරකන්නේ මහජනතාවට අවංකවම සේවය කිරීමට නම් මේ අවස්ථාවේ නිකං කකාබිබී පට්ටියේ කාලය ගතකරන එකද කළයුත්තේ? ගෙදරට වෙලා ඉන්න එකද?, යන්න අප මෙම 225න්ම ඍජුවම විමසන්නෙමු. එකෙකුට හෝ මෙම පැනයට පිළිතුරු දියහැකි නම් දියව්...!!!
තිබුණු එකයි, එන්න තියෙන එකයි අතර වැඩි වෙනසක් නෑ. ඒක නිසා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට තිබුණු එක ගෙනාවට කමක් නෑ... හැබැයි රට ගැන හිතුවොත් ඔය දෙකෙන්ම වැඩක් වෙන්නේ නෑ...
2019 ජනාධිපතිවරණයේදී ජනතාව යහපාලනය වල දැම්මා. නමුත් බොහෝ දෙනෙක් පටලවා ගත්ත දෙයක් තියෙනවා. ජනතාව වල දැම්මේ යූඑන්පී ආණ්ඩුව මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. පාර්ලිමේන්තුව පරණයි තමයි. අවුරුදු 187ක්ම පරණයි. මණ්ඩල දෙකක මුල්ම ව්‍යවස්ථාදායකය පිහිටෙව්වේ 1833. මුලින් සුද්දෝ විතරයි පස්සේ ලංකාවේ මිනිස්සුන්වත් ගත්තා. ඊට පස්සේ 1947. ඊට පස්සේ 1972 ... අපේ පාර්ලිමේන්තුව ලෝකයේ පැරණිම පාර්ලිමේන්තුවක්. පාර්ලිමේන්තුව පිළුණු වෙමින් ගඳ ගහන්න පටන් ගත්තේ 1989 ඉඳන්. යූඑන්පී එක ගෙන විවෘත ආර්ථිකය පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරපු නිසා. දැන්නම් කියලා වැඩක් නැහැ. මට කියන්න ඕනේ වුනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍යය, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතා අවශ්‍යතා සපුරන සිවිල් පරිපාලනය.... කොටින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාව මිසක් 225 නෙමෙයි. ඒ හින්දා, ව්‍යවස්ථාදායකය සම්බන්ධ ප්‍රශ්නයකදී, විධායකයටත් බලයක් නැත්නම් අධිකරණය තීන්දුවක් දෙන්න ඕනේ. ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ ව්‍යවස්ථාදායකයටත් ඉහළින්. පාර්ලිමේන්තුව කියන්නේ ඔළුගෙඩි 225ක් නෙමෙයි. ඔළුගෙඩි එනවා යනවා. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා. පැවතිය යුතුයි...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉවත් කර ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව නම් ඉතා සරල තර්කයක්.... එය දැනදැනම මෙවන් පෙත්සම් ඉදිරිපත් කරමින්, කොරෝනාවලින් හෝ ගොඩයාමට උත්සාහ කිරීමද කාලය කා දැමීමක්... දැන් අවශ්‍ය මහ මැතිවරණයක්... නව රජයක්...
අළුත් තත්ත්වය අනුව සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන්න පුළුවන් මන්ත්‍රීවරු 125යි. අන්න ඒ් ප්‍රමාණයට පමණක් නව පාර්ලිමේන්තුවක් පත්කර ගමු. අපේ රටට ඒ් හොඳටම ප්‍රමාණවත්.
ඔබගේ ස්මාර්ට් ෆෝන් එකේ එකම තැනට, ලයික් හෝ ඩිස්ලයික් වෙනුවෙන් කෙටීම, ෆෝන් එකේ පැවත්මට එතරම් ගුණදායක නැත. ඒ ගැනත් සිතන්න.