(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු විසුරුවා නැති රටවල පවා මේ ආපදා තත්ත්වයත් සමඟ එම පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති තත්ත්වයක් පවතිද්දී අපේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කරන ඉල්ලීම පළක් ඇති ඉල්ලීමක් නොවන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැති විශේෂ සර්ව පාක්ෂික රැස්වීමේ දී පවසා ඇත.
පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සර්ව පාක්ෂික රැස්වීමේ දී ඉල්ලීමක් කළ අවස්ථාවේ අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙසේ පවසා තිබේ.
කැනඩාව ඇතුළු යුරෝපයේ රටවල් පවා සිය පාර්ලිමේන්තු අත්හිටුවා ඇති අවස්ථාවක කිසි සේත්ම විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් පළක් නැතැයි ඔහු පෙන්වා දී තිබේ.
එසේ පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් 225 දෙනෙක් ද තවත් නිලධාරින්ද ගෙන්වා සමාජයට නරක ආදර්ශයක් දීම සිදු විය යුතු නැති බවත් දිනකට රුපියල් මිලියන හතක පාර්ලිමේන්තු වියදම ද පවතින වසංගත තත්ත්වය මැඩලීමට යෙදිය යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ.
කොරෝනා රෝගය මැඩ පවත්වමින් රට යථා තත්ත්වයට පත් කිරීමේ දී පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමේ වරදක් නැතැයි පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා මේ වනතුරුත් නිලධාරින් එවැනි අවශ්‍යතාවයක් දන්වා නැතැයි ද පවසා ඇත.
මෙම රැස්වීමට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා එහි දී යෝජනා කර ඇත්තේ අතරමැදි විසඳුමක් ලෙස පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස යෝජනා කර ඇති අතර එය සියලු දෙනා පිළිගෙන පක්ෂ නායකයින් යළි රැස්වන දිනය දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න කොහේ හැංගිල ඉඳල රාජපක්ෂවරුන්ගෙ පව් හෝදන්න එලියට ඇවිත්, අනිත් සගයා වීරවංශ කෙහේද?
මරු රාජ්‍යතාන්ත‍්‍රිකයෙක්නේ ... අර හොරාට ලියාගත්ත ඇටෝනි බලපත‍්‍රයේ කේස් එකට මොකද වුණේ? සුදු ඇදගත්තාට හොර වැඩ...
ඇයි දවසකට ලක්ෂ 95ක් කාලා සම්ප්‍රප්පලාප දොඩවන්න. මහා පණ්ඩිතයන්ට සත පහකට වැඩක් නැති දේවල් කට උල්කර කර කියන්න. එලොවටත් නැති මෙලොවටත් නැති කෙස් පැලෙන තර්ක ගේන්න. හොරකමකට පාරක් හදා ගන්න. එකී නොකී බොහෝ දේ...
පාර්ලිමේන්තුව කැඳවා වයසක මන්ත්‍රීලට කොරෝනා බෝකර රට ගොඩ ගන්න.
පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ... ඔව් අශ්වයා පැන ගිහින් ඉවරයි.
මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත. ඔවුන් රැස්වී සතුරාට මුහුණ දෙනවාට වඩා දේශපාලන වාසි තකා පුහු කතාවලින් කාලය හා මුදල් නාස්ති කරති. මෙය ලෝක අර්බුදයකි. “ආටක නාටක” බැලීමට කාලය නොවේ. ජාතික පුවත්පත් වල ඇති සාරවත් ලිපි රචනා කියවා බලා දැනුම දියුණු කරගත යුතු කාලයයි මේ.
ලොන්ඩ්‍රි මෑන් නාට්ටාම්ඹි වැඩ කරන එකමයි වැඩේ.
පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ඇයි මොකක්ද ප්‍රයෝජනය? කාගෙන් උපදෙස් ගන්නද? උපදෙස් ගත යුතුව ඇත්තේ දොස්තර වරුන්ගෙන් හා පරිපාලක නිලධාරීන්ගෙන්. එය ක්‍රියාවට නැංවීමට නියෝග කිරීමට ජනාධිපති කෙනෙක් ඉන්නවා. ක්‍රියා කිරීමට පොලීීීීීසි සහ හමුදාව ඉන්නවා. අර මැට්ටන්ගෙන් දැන් වැඩක් නැහැ. කොරෝනා පතුරවන්නේ නැතිව ගෙවල් වලට වෙලා ඉන්න. නුඹලා දැන් නිකම්ම නිකන් මිනිස්සු.
ඇයි නිකන් ඉස්තරම්ම කෑම කාා බීලා බයිලා කියා රට කුලප්පු කරන්නනද ?
විහිලුකාරයෙක් කතා කර සිටියි.