(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදි නව කොවිඩ් ආසාදිත රෝගින් 1055 දෙනෙකු හමුවි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ඉකුත් පැය 24 ක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින්471 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 250 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 207 දෙනෙකු වාර්තා වි ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වි ඇති නව කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 55867 දක්වා ඉහල ගොස් ඇත.
දකුණු පළාතේ සිටින සක්‍රිය කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 12 856 දෙනෙකු වන අතර කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල 2042 දෙනෙකු ප්‍රථිකාර ලබති. අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානවල ආසාදිත රෝගින් 333 දෙනෙකු ප්‍රථිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd