IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 440 ක්

(තිලකරත්න දිසානායක)

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 49,416 දෙනෙකු වශයෙන් සදහන් වෙද්දී අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 440 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

එම කාලය තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව  ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 64 ක්, ජාඇල  - 53 ක්, වත්තල  - 42 ක්, අත්තනගල්ල  - 39 ක්, ගම්පහ  - 35 ක්,  දොම්පෙ  - 33 ක්, මිනුවන්ගොඩ - 29 ක්,  මීරිගම  - 26 ක්,  මහර  - 25 ක්, මීගමුව සහ සීදූව කොට්ඨාසයන්ගෙන්  - 20 බැගින්,  දිවුලපිටිය  - 18 ක්,  රාගම  - 14 ක්, කැලණිය  - 12 ක් සහ කටාන කොට්ඨාසයෙන්  - 10  දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ගතවූ පැය 24 තුල ආසාදිතයින් 31 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින්  - 22 ක් , බියගමින්  - 7 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව දෙදෙනෙකු වශයෙන් වාර්තා වී ඇත. 

එම කාලය තුල ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,297 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

 

 

 

 

 

 



අදහස් (0)

පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 440 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13655 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11026 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site