(තිලකරත්න දිසානායක)

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 49,416 දෙනෙකු වශයෙන් සදහන් වෙද්දී අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 440 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

එම කාලය තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව  ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 64 ක්, ජාඇල  - 53 ක්, වත්තල  - 42 ක්, අත්තනගල්ල  - 39 ක්, ගම්පහ  - 35 ක්,  දොම්පෙ  - 33 ක්, මිනුවන්ගොඩ - 29 ක්,  මීරිගම  - 26 ක්,  මහර  - 25 ක්, මීගමුව සහ සීදූව කොට්ඨාසයන්ගෙන්  - 20 බැගින්,  දිවුලපිටිය  - 18 ක්,  රාගම  - 14 ක්, කැලණිය  - 12 ක් සහ කටාන කොට්ඨාසයෙන්  - 10  දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ගතවූ පැය 24 තුල ආසාදිතයින් 31 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින්  - 22 ක් , බියගමින්  - 7 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව දෙදෙනෙකු වශයෙන් වාර්තා වී ඇත. 

එම කාලය තුල ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,297 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.